THE SILENT KILLER – “නිහඬ මාරයා”

Chronic Kidney Disease (CKD) කියන මේ මාරක වකුගඩු රෝගය The Silent Killer (නිහඬ මාරයා) ලෙසද හැඳින්වේ. මීට හේතුව ඔබ නොදැනීම සෙමෙන් සෙමෙන් ඔබට මරණය ලබා දීමට මෙම රෝගයට ඇති හැකියාවයි. ඇමරිකාවේ විතරක් වසරකට මිලියන 26 ක් පමණ වකුගඩු රෝගීන් වාර්තා වෙනවා.

පහත දක්වා තියෙන්නේ ඔබගේ වකුගඩු වලට හානි විය හැකි ආකාරයයි. මේ නිසා වකුගඩු දෙක පරිස්සම් කරගන්නට පහත කාරණා ගැන සැලකිලිමත් වන්න.

 

වකුගඩු පරිස්සම් කරගන්නා ක්‍රම‍
බෙහෙත්

දීර්ඝ කාලයක් බෙහෙත් භාවිතා කරන අයගේ වකුගඩුවල රුධිර නාල සිහින්වීම නිසා නරක් වෙන්න පුළුවන්. මේ නිසා වේදනා නාශක බෙහෙත් නිතර භාවිතා කරන අයට ගොඩක් ලොකු අවදානමක් තියෙනවා.

Ibuprofen, Neproxen සහ Axetaminophen සහිත ඖෂධ වකුගඩු වලට ඉතාමත් අහිතකරයි.

 

සිගරට්

දුම් පානය කරන අයගේ මුත්‍රා වල ප්‍රෝටීන් වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මෙය වකුගඩු වලට හානි වීමේ සංකේතයක්. අධික රුධිර පීඩනය සහ දියවැඩියාවත් දුම්බීම නිසා වැඩිවෙනවා.

සීනි

අප ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය වකුගඩු නරක් වීමට ඍජු සම්බන්ධතාවක් නැහැ. නමුත් ඒ නිසා හට ගන්නා දියවැඩියාව සහ ස්ථුලතාව වකුගඩු නරක් වීමට ප්‍රධාන හේතුවක්.

gi-kidney-man-2-sඅධික ලුණු සහිත ආහාර

ලුණු කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. අපේ ශරීරයේ ද්‍රව සමබරතාව නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ ලුණු ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි. අධික ලෙස ලුණු සහිත ආහාර ශරීරයේ රුධිර පීඩනය ඉහළ නංවමින් වකුගඩු වල Nephrons නැමති පෙරන වලට හානි කරයි. දීර්ඝ කාලයක් මෙය සිදුවන විට අප නොදැනුවත්ව වකුගඩු වලට විශාල හානියක් සිදුවී අවසන්. මෙම තත්වය මග හරවා ගැනීමට වකුගඩු වඩාත් ජලය රඳවා ගැනීමට උත්සාහ කරන විට එය ඔබගේ හෘද වස්තුවටත් බලපෑම් කරනවා.

ඖෂධ වලට ඇති ආසාත්මකතා

ඖෂධ වලට තියෙන ආසාත්මිකතා ඔබේ වකුගඩු වලට අසාමාන්‍ය ආතතියක් ඇති කරනවා. මේ නිසා ඖෂධ ගැනීමට ප්‍රථම ඒවායේ ඇති ආසාත්මිකතා පිළිබඳව සහ විය හැකි හානි පිළිබඳ වෛද්‍යවරයා වෙතින් දැනුවත් වන්න.

ජාන වෙනස් කරන ලද ආහාර

ජාව වෙනස් කරන ලද ආහාර සාදා තිබෙන්නේ පලිබෝධ වලට ඔරොත්තු දීමටත් අස්වැන්න වැඩි වන ආකාරයටත්ය. පර්යේෂඛ වලින් හොයා ගෙන ඇති ආකාරයට මෙවැනි ආහාර වලින් වකුගඩු වලට සහ අක්මාවට විස සහිත සංයෝග නිපදවනවා. මෙවැනි ආහාර වලින් හැකිතාක් වලකින්න.

කාබන්ඩයොක්සයිඩ් සහිත සිසිල් බීම හා සෝඩා වර්ග – (Carbonated Beverages)

මෙවැනි බීම වර්ග විශේෂයෙන් ශක්ති ජනක පානයන් වල පොස්පේට් ප්‍රතිශතය ඉහළයි. මේවා වකුගඩු වල රුධිර නාල වලට හානි කරීමට හේතු වෙනවා.

කිරි සහිත ආහාර

අධික ලෙස කිරි සහිත ආහාර භිවිතා කිරීමේදී කැල්සියම් මුත්‍රා වලට එකතු වෙනවා වැඩියි. මෙය වකුගඩු වල ගල් ඇති කිරීමට විශාල අවධානයක් ඇති කරනවා. මේ නිසා සත්ව ප්‍රෝටීන සහිත කිරි ආහාර නිසි ප්‍රමාණයට අනුභව කරන්න.

කන්ට්‍රාස් ඩයි – (Contrast Dyes)

CT ස්කෑන්, X-Ray සහ ඇන්ජියෝග්‍රෑම් සිදු කිරීම් වැනි විකිරණ ආශ්‍රික පරීක්ෂණ වලදී ඇඟට ඇතුළු කරන ඩයි වර්ග වකුගඩු වලට ඉතාමත් අහිතකරයි. මේ නිසා එවැනි පරීක්ෂණ කළ යුත්තේ අත්‍යාවශ්‍ය වූ විට පමණයි.

අධික රුධිර පීඩනය

අධික රුධිර පීඩනය තියන අයගේ ශරීරයේ ප්‍රෝටීන් අඩු වීම වකුගඩු වලට හානි කරයි. ශරීරයේ බර කළමනාකරණය කිරීම, ව්‍යායාම කිරීම සහ නිවැරදි ආහාර, රුධිර පීඩනය නිසි අයුරින් පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා.

මස්

සත්ව ප්‍රෝටීන් ජීර්ණය වීමේදී ඉතිරි වන දෑ ඔබගේ ශරීරයේ අස්ථි වලින් අමතර කැල්සියම් සහ ලවන වර්ග අවශෝෂණය කර ගැනීමට හේතු වෙනවා. මස් සහ මාළු වර්ග වලින් නිපදවෙන යූරික් ඇසිඩ් ද මුත්‍රා වල කැල්සියම් ගතිය ඉහළ නංවන හෙයින් වකුගඩු වල ගල් හෙවත් කැල්සියම් ඔක්සලේට් කැට වකුගඩු වල ඇති කරනවා.

කෘතිම රසකාරක

මෙවැනි රසකාරක සහිත ආහාර භාවිතා කරන අයගේ වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ යා හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී තියෙනවා.

කැෆේන්

කැෆේන් සහිත කෝපි, තේ, සෝඩා සහ ආහාර වර්ග ඔබගේ රුධිර පීඩනය වැඩි කරවයි. මීට අමතරව මුත්‍රා වලට කැල්සියම් එක් වීමද වැඩි කරවයි. මෙය වකුගඩු වලට ඉතාමත් අහිතකරයි.

 

විටමින් D ඌනතාවය

විටමින් D කියන්නේ නිකම්ම නිකන් විටමින් එකක් විතරක් නෙමෙයි එය වකුගඩුවලත් ශරීරයේත් පැවැත්මට තීරණාත්මකව උපකාරී වන හෝමෝනය නිපදවනවා. මේ නිසා විටමින් D සහිත ආහාර නිසි ලෙස ලබා ගන්න. නිවස තුළට වෙලාම ඉන්නේ නැතිව හිරු එළියේ සැරිසරන්න.

X

Pin It on Pinterest

X