PHOTOGENIC “ෆොටෝජෙනික්” වෙන්නේ කොහොමද?

සමහර අය ඡායා රූප වලට ලස්සනට ඉන්වා. මේ අයට කියන්නේ “ෆොටෝජෙනික්” අය කියලා.

ඡායා රූපයක් ලබා ගන්නා මොහොතේදී පහත කරුණු අනුගමනය කළොත් ඔබත් පුළුවන් “ෆොටෝජෙනික්” වෙන්න.

  • දෑස් වලින් සිනා සෙන්න.MTMwMDM3NzU5MjU4Njk2MTU4
  • ඇහි බැම මදක් ඉහලට ඔසවන්න.
  • කැමරාවට වඩා මදක් ඉහළ බලන්න.
  • විදුරුමස් නොපෙනෙන්න හිනාවෙන්න.
  • දිව දත් වලින් ඇතුලේ තබා ගන්න.
  • හිස මදක් පහත් කරන්න. මෙවිට ඔබගේ නිකට යටින් තල්ල පෙනීම වැලකෙනවා.
  • කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඔබට ගැලපෙන කෝණය සහ ඉරියව්ව සොයා ගන්න. සාමාන්‍යෙයන් මෝස්තර නිරූපිකාවක් ශරීරයෙන් ¾ ක් කැමරාව දෙසට සිටින ලෙසයි ඇඟ හරවාගෙන සිටින්නේ.
  • ඔබේ බාහුව ශරීරයට මදක් ඈත්වන ලෙස තබා ගන්න.13897029650_0f27b3e2d3_z
  • ඡායා රූප ගන්නා මොහොතේදී ඔබ මේ ලෝකයේ සිටින ධනවත්ම, ලස්සනම සහ ප්‍රසිද්ධම පුද්ගලයා යැයි සිතන්න.

වෙනත් කරුණු :

  • ඡායා රූප ලබා ගන්නා විට “cheese” (චීස්) වැනි වදන් පැවසීමට යාමෙන් ඔබේ මුහුණ කැත වන්නට පුළුවන්.
  • හිතෙන් සතුට මවා ගත් විට එය මුහුණෙන් පේනවා.
  • බඩ නොපෙනෙන්නට හුස්මක් අල්ලලා තද කර ගන්න ගියොත් අවලස්සන ලෙස ඔබේ පපු ප්‍රදේශය ඉදිරියට නෙරා එන්න පුළුවන්.
  • දත් තදකරගෙන ඉන්නවත් ගොඩක් හිනා වෙන්නවත් එපා. කට චුට්ටක් ඇරගෙන ඉන්න එක තමයි හොඳම විදිය.how-to-pose-for-a-photovpenyvep850fx6ood05dposing02
X

Pin It on Pinterest

X