සමහරු අකැමති සමහරු කැමැති මාමයිට්

 

  1. මාමයිට් සොයා ගෙන තිබෙන්නේ 1902 දී Justin Liebig නැමති ජර්මානු විද්‍යාඥයෙක් විසින් ඔහුට සිද්ධ වූ අත්වැරදීමක් නිසා අහම්බෙන්.
  2. මාමයිට් සාදන්නේ බියර් සෑදීමේදී ඉතිරි වන අතුරු ඵලයකින්. එයට ඊස්ට් සහ ලුණු එකතු කර පදම් කිරීමෙන් තමයි මාමයිට් නිපදවන්නේ. නමුත් මෙහි නියම වට්ටෝරුව අදටත් ව්‍යාපාරික රහසක්. වසර 113 ක් ගත වුනත් අදටත් එම වට්ටෝරුව වෙනස් වී නැහැ.
  3. downloadමාමයිට් කියන වචනයේ තේරුම “කැසරෝල් භාජනය” (Casserole Dish) යන අර්ථයයි. මාමයිට් බෝතලයේ ලේබලයේ මැදින් සටහන් කර තිබෙන්නේ එම භාජනයයි.
  4. මාමයිට් විටමින් E වලින් සහ ‍ෆෝලික් අම්ලයෙන් ඉතාමත් පොහොසත්. මේ නිසා අතීතයේදී මාමයිට් ඖෂධයක් ලෙසත් භාවිතා කර තිබුණා.
  5. පළමු සහ දෙවන ලෝක යුද්ධ වලදී සොල්දාදුවන්ගේ ආහාර අතර අනිවාර්ය දෙයක් වූයේ මාමයිට් බෝතලයයි. 1999 දී කොසොවෝහි සටන් වැදුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගෙදරින් බැහැරව සිටින විට දැනෙන දුක (Home Sick) නැති කිරීම සඳහා ඔවුන්ට වැඩිපුර මාමයිට් යවා තිබුණා.
  6. 1934 දී ශ්‍රී ලංකාව පුරා පැතිරී ගිය මැලේරියා වසංගතය නිසා රෝගාතුරවූවන් සඳහා පෝෂණය ලබා දීමට මාමයිට් යොදා ගත්තා. එම අවදියේදී රටට ලැබී ඇති මාමයිට් අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට පුළුල් ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ද දියත් වුණා. 1930 දී බොම්බායේ කර්මාන්ත ශාලාවක රක්ත හීනතාවය සෑදීම නිසා රෝගී වූ සේවකයන් සුව කිරීමටත් මාමයිට් උපකාරී වුණා.
  7. IMG_0687අතීතයේදී ලංකාවේ මාමයිට් කියන්නේ සුඛෝපභෝගී ආහාරයක්. යමක් කමක් තියෙන මිනිස්සු විතරයි තමන්ගේ දරුවන්ට මාමයිට් වීදුරුවක් බොන්න දුන්නේ. මාමයිට් ගාලා පාන් කැබැල්ලක් කන්නේ. උණු මාමයිට් පානය ජනප්‍රිය රටවල් අතුරින් ලංකාව ඉතා ප්‍රසිද්ධයි.
  8. මාමයිට් කියන්නේ අරුම පුදුම කෑමක්. මාමයිට් කන්න ආස අයට මාමයිට් තරම් රස කෑමක් තවත් නැති වගේම මාමයිට් කන්න ආස නැති අයට මාමයිට් සුවඳ ආවත් අප්පිරියයි. ඒ නිසා තමයි මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it” කියලා සටහන් කරලා තියෙන්නේ.
  9. ලෝකයේ මාමයිට් වර්ග 2ක් තියෙනවා. ඒ කහ ඇසුරුමේ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. ලංකාවේ අපි කන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් විතරයි. මාමයිට් සමඟ තරඟ කරන වෙනත් කිසිම ආදේශකට මාමයිට් රසයට සම වෙන්න තවමත් හැකි වෙලා නැහැ. වසර 2000 දී යුනිලිවර් සමාඟම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළඳ නාමයේ අයිතිය තමා සතු කර ගත්තා.
  10. 2011 භූමිකම්පාවකින් නවසීලන්ත මාමයිට් නිශ්පාදනාගාරයට හානි සිදු වී නිශ්පාදන ක්‍රියාවලිය වසරකට වැඩි කාලයක් නැවතී තිබුණා. තමා සතු මාමයිට් තොග අවසන් බවත් තවත් බොහෝ කාලයකට මාමයිට් නිපදවිය නොහැකි බවත් සමාඟම ප්‍රකාශ කල පසු නවසීලන්තය පුරා මිනිසුන් මාමයිට් තොග පිටින් මිලදී ගනිමින් ගබඩා කර ගැනීමට පෙළඹුනා. මාමයිට් ඉතා දුර්ලබ භාණ්ඩයක් වූ අතර එවකට මාමයිට් හැඳින්වූයේ Black Gold ලෙසයි. ඉතිරි තිවූ අවසන් මාමයිට් තොග වෙන්දේසි වූ අතර එක් මාමයිට් බෝතලයක මිල ඩොලර් 200 ක් දක්වා ඉහළ ගියා. මාමයිට් අර්බුදය විසඳීමට නවසීලන්ත රජයට පවා මැදිහත් වන්න සිදු වුණා.
  11. download (1)
    නවසීලන්ත Marmite

    මාමයිට් අනුභව කළ පසු හමන දහඩියෙන් මාමයිට් සුවඳ තරමක් තියෙනවා. එම සුවඳ මදුරුවන් පලවාහරින බව පැවසෙනවා.

  12. මාමයිට් කොතරම් රසවත් වුවත්, ගුණදායී වුවත් මාමයිට් වල තිබෙන අධික ලුණු ප්‍රතිශතය නිසා එය වැඩිපුර අනුභව කිරීම ඔබේ අක්මාවට සහ වකුගඩු වලට එතරම් හොඳ නැහැ. අනුමත දෛනික මාමයිට් ප්‍රමාණය වැඩිහිටියෙකුට නම් 4 g යි. දරුවෙකුට නම් 2 g යි.
X

Pin It on Pinterest

X