ඇළුමිනියම් භාජන වල උයන්නේ බලාගෙනයි

ඇළුමිනියම් ඉතාමත් හොඳ තාප සන්නායක ලෝහයක් නිසා ඉක්මනට රත් වෙනවා.  මේ නිසා ආහාර පිසීමට ගත වන්නේ අඩු කාලයක්. ඇළුමිනියම් භාජන මිලෙන්ද ඉතාමත් අඩුයි. මේ නිසා මුළුතැන්ගෙයි ආහාර පිසීමට භාවිතා කරන භාජන අතුරින් ප්‍රධාන ස්ථානයක් ඇළුමිනියම් වලට ලැබෙනවා.

මේ ආකාරයෙන් පහසුව නිසා බොහෝ දෙනා ඇළුමිනියම් භාජන ආහාර පිසීමට භාවිතා කළත් බොහෝ දෙනා නොදන්නා කාරණයක් තමයි ඇළුමිනියම් කියන්නේ ආහාර පිසීමට භාමිතා නොකලම යුතු ලෝහ වර්ගයක් කියන එක. මිල අඩු නිසායි, ගෑස් ඉතිරි කර ගන්නයි ඇළුමිනියම් භාජන පාවිච්චි කළා වගේ නොවෙයි ඉන් ඇති වන සෞඛ්‍යය ගැටළු ඉතාමත් බරපතලයි.

ඇළුමිනියම් කියන්නේ ඉතාමත් ඉක්මනින් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වන සක්‍රීය ලෝහයක්. අම්ල වර්ග සමඟ ඇළුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා නව සංයෝග නිපදවනවා. මේ නිසා ඔබ පිසින ආහාර වල ආම්ලික බව අඩංගු නම් ආහාර පිසින අතර තුර ඇළුමිනියම් භාජනය එම ආහාර සමඟ ප්‍රතික්‍රියා කරනවා. එසේ සෑදෙන නව සංයෝග පිසින ආහාර වලට හොඳින් කලවම් වෙනවා. අවසානයේදී එසේ ආහාර වලට මුසු වූ ඇළුමිනියම් නතර වන්නේ ඔබේ ශරීරයේ.

ඇළුමිනියම් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇළුමිනියම් ශරීර ගත වීම ගොඩාක් භයානකයි. පරීක්ෂණ වලින් හෙලිවී තිබෙනවා ඇළුමිනියම් භාජන වල උයන ආහාර 100g ක් ගත් විට එහි 3mg – 6mg (මිලි ග්‍රෑම්) ප්‍රමාණයක් ඇළුමිනියම් අන්තර්ගත වී ඇති බව. මේ නිසා ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් ඇතුළුවී විශාල ශරීරක ව්‍යවසන වලට මුල පුරනවා.

ඇළුමිනියම් අම්ල සමඟ ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ් අපේ ශරීරයට ඉතාමත් විෂ සහිතයි. දෙහි යුෂ, දොඩම් යුෂ, තක්කාලි, විනාකිරි වගේ දේවල් සමඟ ඇළුමිනියම් භාජන වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා එවැනි ආම්ලික දේවල් ඇළුමිනියම් භාජන වල පිසීම ඉතාමත් භයානකයි. නමුත් ඔබ පිසින ඕනෑම ආහාරයකට දෙහි, තක්කාලි, විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් නිසා ඔබ පිසින ඕනෑම ආහාරයක් ඇළුමිනියම් භාජන සමඟ විෂ සංයෝග සෑදීමට පෙළඹෙනවා. බිත්තර කහ මදය සහ බොහෝ එළවළු වර්ගද ඇළුමිනියම් සමඟ ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වනවා. අදික උෂ්ණත්වය මෙම ප්‍රතික්‍රියා වැඩිකරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනවා.

Old woman with Alzheimer
ඇල්ෂමර් රෝගියෙක්

ශරීර ගත වන ඇළුමිනියම් ඔබේ ස්නායු පද්ධතියට සෘජුවම බලපානවා. එම බලපෑම් ඔබේ මොළයට තදින්ම දැනෙනවා. ඉක්මනින් මතකය නැති වීම හෙවත් ඇල්ෂමර් (alzheimer ) රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට ඇළුමිනියම් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් ඇළුමිනියම් බලපානවා. ඔබේ වකුගඩු වලට 99% ක් පමණ ඇළුමිනියම් පෙරා ඉවත් කල හැකි වුවත් වකු ගඩු රෝගීන්ගේ තත්වය මීට වඩා වෙනස්. (https://en.wikipedia.org/wiki/Alzheimer%27s_disease)

මේ නිසා 2007 වසරේ සිට ඇමරිකාවේ ඇළුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හඳුන්වා අනතුරු හඟවා තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇළුමිනියම් ආහාර බඳුන් නිශ්පාදනය සහ අලෙවිය තහනම් කර තිබෙනවා.

 

ඇළුමිනියම් භාජන වෙනුවට භාවිතා කළ හැකි විකල්ප මොනවාද?

1)Calphalon-Hard-Anodized-Commercial ඇළුමිනියම් භාජන මතුපිට ස්වභාවයෙන්ම සෑදෙන “ඇළුමිනියම් ඔක්සයිඩ්” (Aluminum Oxide) පටලය භාජනයේ ඇළුමිනියම් ආහාර සමඟ ප්‍රතික්‍රියා කිරීම යම් තරමකට අඩු කරවනවා. නමුත් ඔබ භාජන පිරිසිදු කිරීමේදී එම පටලය සීරී ඉවත් වී යාම නිසා එය ඉවත් වෙනවා. මෙයට පිළියමක් ලෙස වර්තමානයේ වෙළඳ පොළේ “Anodizod Aluminum” භාජන පැමිණ තිබෙනවා. මෙහිදී සිදු කර තිබෙන්නේ නිශ්පාදකයා විසින් විද්‍යුත් ක්‍රමවේදයකින් ආරක්ෂිත Aluminum Oxide ස්ථරයක් ඉතාමත් ඝනව භාජනය තුළට ඇතුලත් කර තිබීමයි. එම ඝන ස්ථරය පහසුවෙන් ඉවත් කළ නොහැකි නිසා එම භාජන වල පිසින ආහාර රසායනික ප්‍රතික්‍රියා වලින් බොහෝ දුරට සුරක්ෂිතයි. මෙවැනි භාජන සේදීමේදී දැඩි ලෝහ තල වලින් සීරීම නොකළ යුතුයි. සීරීම නිසා Oxide ස්ථරය ඉවත්වී ආරක්ෂාව නැති වී යා හැකියි.

2 ඇළුමිනියම් භාජන වල ආහාර පිසිනවා නම් හැකි තරම් අම්ල වර්ග ඉවත් කරන්න. ආහාර ගබඩා කර තැබීමට ඇළුමිනියම් භාජන භාවිතා කරන්න එපා. පිසින ආහාර පිසූ සැනින් වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.

3 කුමන ඇළුමිනියම් භාජනයක් වුවත් කල් යත්ම එහි අඩංගු ඇළුමිනියම් ආහාර වලට එකතු වීමේ සීඝ්‍රතාවය වැඩි වෙනවා. මේ නිසා කල් ගතවත්ම ඇළුමිනියම් භාජන අලුත් කරන්න.

4 cast-iorn-skilletsඇළුමිනියම් භාජන වෙනුවට වෙනත් ආදේශක භාණ්ඩ භාවිතා කරන්න. Stainless Steel භාජන සහ Cast Iron (චීනක්චට්ටි) භාජන මේ සඳහා සුදුසුයි. Cast Iron භාජන වල ආහාර පිසින විට එය ආහාර සමඟ ප්‍රතික්‍රියා කරත් ශරීරගත වන යකඩ වලින් ශරීරයට හානියක් සිදු වන්නේ නැහැ. මොකද යකඩ අපේ ශරීරයට ගොඩාක් අවශ්‍යමයි. පරණ පුරුදු මැටි හට්ටියක් ඇළුමිනියම් වෙනුවට හොඳ ආදේශකයක්.

X

Pin It on Pinterest

X