ඔබේ මොළයට හානි කරන නරක පුරුදු 10 ක්

 
ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අපි හැමදෙනවාම වගේ ගොඩාක් මහන්සි වෙනවා. නිරෝගීකම තරම් වටිනා සැපතක් ලෝකයේ තවත් නැහැ. මේ නිසාම තමයි “ආරෝග්‍යා පාරමා ලාභා” යනුවෙන් පැවසෙන්නේ.

ශරීර සෞඛ්‍ය රැක ගැනීමේදී ඔබ වැඩියෙන්ම අවධානය යොමු කරගත යුතු ඉන්ද්‍රීය ඔබේ මොළයයි. ඊට හේතුව අපේ ශරීරයේ සෑම කාර්යයක්ම පාලනය වන්නේ, සෑම ඉන්ද්‍රියක්ම ක්‍රියා කරවන්නේ අපේ මොළය වීමයි. ඔබේ අයහපත් පුරුදු නිසා මොළයට ක්‍රමයෙන් හානි සිදු වීම ඔබට නොදැනීම සිදු වන්න පුළුවන්. නමුත් තේරුම් යන්න පටන් ගන්නකොට ඔබ ගොඩාක් ප්‍රමාද වැඩියි. ඇස්, කන වැනි ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය, ඔබේ මතකය, බුද්ධිය සහ සමස්ථයක් වශයෙන් ගත් කළ ඔබේ ආයුශ මොළයට හානි සිදු වීම නිසා වේගයෙන්  හීන වී යන්නට පුළුවන්.

  1. poor_sleep නිසි පරිදි නින්ද නොලැබීම.

මෙය තමයි මොළයට හානි කරන ප්‍රධානතම හේතුව. ඔබේ මොළය හරියට පරිගණකයක් වගේ. එය ඉතාමත් වේගයෙන් දවස පුරා වැඩ කරනවා. එයට විවිකයක් ලැබෙන්නේ නිදා ගන්න විට පමණයි. මොළයේ සෛල අළුත්වැඩියා වෙමින් මොළය නිරෝගීව පවත්වා ගැනීමට සිහින දකින තද නින්දක් අනිවාර්යයෙන් අවශ්‍යයි. වැඩිහිටියෙක් දිනකට පැය 5ක් හෝ 6ක් නිදාගැනීම අවශ්‍ය යැයි පැවසුවත් ඔබේ මොළය නිරෝගීව පවත්වා ගැනීමට නම් පැය 7ක නින්දක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නිදිමරාගෙන වැඩ කරන විටත් එය දරා ගැනීමට ඔබේ මොළයට අපහසුයි.

  1. අධික රෝගාතුරව සිටින අවස්ථාවලදී පවා මොළය වෙහෙසවා වැඩ කිරීම.

Dollarphotoclub_72975125-1024x683-1024x683අපි ලෙඩ වුනාම අපේ ශරීරයේ උෂ්ණත්වය ඇතුළු බොහෝ සාධක වෙනස් වෙනවා. රෝගය සුව කර ගැනීමට සටන් කිරීමට ඔබේ ශරීරයේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වෙන් කිරීමට මොළය උත්සාහ කරනවා. මේ නිසා ඔබේ මොළය ඔබ ලෙඩ වූ විට දැඩි පීඩනයකින් සහ වෙහෙසකිනුයි සිටින්නේ. මේ නිසා ඔබ ලෙඩ වුනාම ඔබේ මොළයට හැකි තරම් විවේකය අවශ්‍යයි. එවිට ඔබේ මොළයට පුළුවන් මොළයට හානි වීම අවම කර ගනිමින් ඉතාමත් හොඳින් ලෙඩ රෝග සමඟ
සටන් කිරීමට. ඕනෑම ලෙඩක් හැදුනාම Bed Rest කරන්න කියල වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ නිසයි.

ඔබ  විභාගයක් ලඟ නිසා මහන්සිවෙලා පාඩම් කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලෙඩ වුනත් නිවාඩු නැති නිසා රැකියාව කරන්න සිදු වෙනවා වෙන්න පුළුවන් හේතුව මොකක් වුනත් හොඳින් මතක තියාගන්න ලෙඩ වෙච්ච වෙලාවට මොළය වෙහෙස කිරීම ඉතාමත් භයානක වැඩක්.

  1. දුම් පානය.

smoking-woman-wallpaper-photography-wallpapers-girl-smoking-wallpaper-without-any-clothes-dress-hd-download-hot-pakistani-cute-punjabi-desiදුම් පානය කොහොමත් පිළිකා ඇති කරවන නරක පුරුද්දක්. දුම් බීම අපේ ශරීරයේ වර්ධනයන්
වෙනස් කරවනවා. එවිට මොළයට ලැබිය යුතු ශක්තිය නොලැබීම නිසා ඔබේ මොළය ක්‍රමයෙන් හැකිලෙන්න පුළුවන්. ඔබට නිතරම අමතකවන ගතියක් දුම් පානය නිසා ඇති වෙනවා.

 

 

  1. අධික සීනි පරිභෝජනය.

AAEAAQAAAAAAAAbcAAAAJDlkMjhlZWZjLWE1ZGQtNGQ1Zi05ZWM0LWYyYTY1MWYxODE4Nwසීනි කියන්නේ කොයි දේටත් නරකම දෙයක්. අපට ජීවත් වන්න සීනි අත්‍යාවශ්‍ය වුනත් සීනි වැඩි වුනාම සේරම කනපිට හැරිලා යනවා. එය මොළයේ වර්ධනයට සෘජුවම බාධා ඇති කරනවා.

  1. අධික උෂ්ණත්වය

_68786418_464_businessman-sweatඅධික උෂ්ණත්වය හමුවේ ඔබේ මොළයේ ධමනි දැඩි වීමට පෙළඹෙනවා. මෙයත් ඔබේ මොළයේ ශක්තිය අඩු කරවන ප්‍රධාන හේතුවක්. ගොඩාක් රස්නෙ තියෙන තැන් වල ගොඩාක් වේලා ඉන්න එක මඟ හරින්න. ඔබ රැකියාව කරන ස්ථානය රස්නෙ වැඩිනම් ඒ ගැන ආයතනයේ කළමණාකාරීත්වයට වහාම දන්වන්න.

 

  1. උදෑසන ආහාරය නොගැනීම.

breakfastඅධික කාර්ය බහුලත්වය නිසා අද බොහෝ දෙනා උදෑසන ආහාරය මඟ හැරීමට පෙළඹිලා සිටිනවා. එහෙමත් නැතිනම් මොනව හරි පොඩි දෙයක් කඩෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. මේ පුරුද්ද ඔබේ මොළයට හොඳම නැහැ. අපි රාත්‍රී ආහාරය ගත් පසු සාමාන්‍යයෙන් උදෑසන ආහාරය ගන්නේ පැය 12 කට පමණ පස්සේ. මේ නිසා දිනය පුරා ඔබේ මොළය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් උදෑසන නැගිට්ට ගමන් හොඳ සමබල ආහාර වේලාක් ලබා ගත යුතුයි. උදෑසන ආහාරය මඟ හැරිය හොත් දවල් ආහාරය ලබා ගන්නා තෙක් ඔබ පැය 18 ක්ම බඩගින්නේ ඉන්නෙ. මෙම පුරුද්ද ඔබගේ මොළයේ වර්ධනය හීන කරන අතරම දවස පුරා අපහසුතාවයෙන් වැඩ කිරීම නිසා මොළය තව තවත් වෙහෙසට පත් වෙනවා.

  1. 8c385303f081ded0390a2842a2d0c006හිස ආවරණය කරගෙන නිදා ගැනීම.

නිදා ගෙන සිටින විට ඔබේ මොළයට හොඳින් ඔක්සිජන් ලැබිය යුතුයි. හිස ආවරණය කර නිදා ගැනීමෙන් ඔබ ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයෙහි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එවිට මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ඔක්සිජන් අඩු වීම නිසා ඔබේ මොළය ඉතාමත් ඉක්මනින් වයසට යනවා.

  1. වායු දූෂණය.

0014222d9850105a475807ඔබ ජීවත් වන වටපිටාව ඉතාමත් නාගරික නම් මෝටර් රථ සහ කාර්මාන්ත වලින් පිටවන විෂ වායු නිසා වාතය අධිකව දූෂණය වී තිබිය හැකියි. එබඳු වටපිටාවක ඔබ ජීවත් වෙනවා  නම් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයත් අඩු වී තිබිය හැකි බව මතක තබා ගන්න. අධික කාබන්ඩයොක්සයිඩ් සහ සල්ෆර් සහිත වාතය මොළයට විෂ සහිතයි.

 

  1. අඩුවෙන් කතා කිරීම සහ අඩුවෙන් සිතීම.

    අඩුවෙන් කතා කරන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වයත් අඩුයි. මේ නිසා හොඳින් මිනිසුන් සමඟ කතා කරනවා නම් ඒවා හොඳ බුද්ධිමත් සංවාද නම් එය ඔබේ මොළයේ වර්ධනයටත් උදව්වක්. හොඳ පරිකල්පන ශක්තියක් ඇති වීමත් ඔබේ මනසේ ක්‍රියාකාරීත්වයට හොඳ පිටුවහලක් වෙනවා.

  2. 9837අධික මත් පැන් පානය.

    ඔබ පානය කරන මත් පැන් ප්‍රමාණයට සාපේක්ෂව ඔබේ මොළයේ සෛල කොතරම් විනාශ වෙනවාද යන්න ඔබ භාවිතා කරන මත් පැන් ප්‍රමාණය හා එහි සැර (Percentage) අනුව තීරණය වෙනවා.

    සාමාන්‍යයෙන් බියර් එකක් බිව්වා කියලා මත් පැන් ටිකක් ඉඳලා හිටලා ගත්ත කියලා ඔබේ මොළයට දැනෙන හානියක් වෙන්නේ නැහැ. නමුත් මත් පැන් නිසා ඔබේ මොළයේ රසායනික සංයුතිය විශාල ලෙස වෙනස් වෙනවා. බිව්වම වෙරි වෙන්නේ මේ හේතුව නිසායි. හොඳට මතක තියාගන්න බීලා වෙරි වෙන තරමට ඔබේ මොළයේ සෛල විනාශ වන ප්‍රමාණය වැඩියි. බොන්න ඇබ්බැහි වෙච්ච අයට නම් මේක බරපතල තත්වයක්.

    බීලා වැඩි වෙලා වමනේ දානකොට ශරීරයේ ඇති වන විෂ සහිත සංයෝගයන් මොළයට හානි කර බවත් පැවසෙනවා. බීමත්කම නිසා මරණය පවා ඇතිවන්නේ එම විෂ මොළයට දැඩිව බලපෑ විටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X

Pin It on Pinterest

X