සිහින සැබෑ වෙන්නේ කැපවීමෙන්

අපි හැමෝටම සිහින තියෙනවා, ධනවත් වෙන්න, ප්‍රසිද්ධ වෙන්න අපි හැමෝම කැමතියි. නමුත් ඒ සිහිනය කරා ලඟා වෙන්න හැමෝටම පුළුවන් වෙන්නේ නෑ. ඉතාමත් සුළු පිරිසක් තමයි තමන් අපේක්ෂා කළ සිහින සැබෑ කරගෙන සතුටින් ජීවත් වන්නේ.

සිහින සැබෑ නොවූ ගොඩාක් අය ඒ පිළිබඳ පසු තැවෙන්නේ තමාගේ පූර්ව කර්මයක් හෝ කේන්දරයේ ග්‍රහ දෝෂයක් නිසා යැයි කියලා. තමන්ගේ සිහින සැබෑ කර ගන්න බැරි ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් දකින්නේ ඔවුන් තුළ තියෙන දුප්පත් කමයි. ගොඩාක් අය හිතන් ඉන්නේ දුප්පත් කම නිසාම ඔවුන් බලාපොරොත්තු වන ධනවත් සිහින ලෝක වලට කෙදිනකවත් පා තබන්න බෑ කියලයි.

නමුත් අමතක කරන්න එපා වර්තමානයේදී ධනවත් ප්‍රසිද්ධ ජීවිත ගත කරන අයගෙන් අති බහුතරයක්ම ඊට පෙර ඉතාමත් දුගී තත්වයේ පසුවූ අය බව. ඔවුන් සෑම දෙනාම තමාගේ සිහින සැබෑ කරගෙන තිබෙන්නේ ඉතාමත්ම දුගී තත්වයේ සිටයි. මෙම ලිපිය කියවන ඔබට බොහෝ විට ඉන්න ගෙයක්, අඳින්න ඇඳුම් පැළඳුම්, කන්න ආහාර පාන, යන්න එන්න මොනම හරි වාහනයක් තියෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ ඉතාම ධනවත් ජීවිත ගත කරන බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ තරුණ ජීවිතයේදී හිසට වහලක්වත් තිබී නැහැ. පාරේ, දුම්රිය පොළේ නිදා ගනිමින් කුලී වැඩ කරමින් කන්න බොන්න සොයා ගත් මොවුන් අද සිටින තැනට පැමිණ තිබෙන්නේ වෙන කුමන බලයක් නිසාවත් නොවෙයි. ඔවුන් තමන්ගේ අරමුණ විශ්වාස කර දැඩි කැපවීමෙන් වර්තමානයේ ලබා සිටින ධනවත් බව කරා ගමන් කළ නිසයි.

ධිල්රුබායි අම්බානි – Dilrubhai Ambani (ප්‍රසිද්ධ ඉන්දීය රිලයන්ස් සමාගමේ නිර්මාතෘ)

“මම පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහලා තියෙනවා

ලියනාඩෝ ඩිකැප්‍රියෝ – Leonardo Dicaprio (ටයිටැනික් චිත්‍රවටියෙන් ජනප්‍රිය වූ සුප්‍රසිද්ධ රංගන ශිල්පී)

“මම හැදුනෙ වැඩුණෙ පාතාලය රජ කරපු ඉතාමත් භයානක වටපිටාවක. පියා අප අත්හැර ගිය නිසා, මව රැකියා දෙකක් කරලා තමයි මං ලොකු මහත් කළේ”

ඒ.ආර්. රහුමාන් – A.R. Rahuman (ලෝක ප්‍රකට සංගීතඥ)

“මට ඉගෙන ගන්න බැහැ කියලා ඉස්කෝලෙනුත් එළියට දැම්මා. මම මුලින්ම කළේ උත්සව වල ඕගන් වාදනය කරපු එක”

බිල්ගේට්ස් – Bill Gates (මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ ලොව ලොකුම ධනවතා)

“මම මගේ විශ්වවිද්‍යාලෙ අධ්‍යාපනයවත් සම්පූර්ණ කළේ නෑ”

චාලි චැප්ලින් – Charlie Chaplin (ලොව ශ්‍රේෂ්ඨ විකට නළු)

“මට තිබුනෙ ඉතා දුක් පීඩා සහිත ජීවිතයක්. මට තාත්තා කෙනෙක් හිටියෙ නැහැ. අම්මා හිටියෙ මානසික රෝහලේ. මට ගොඩාක් අඬන්න වුණා. ඒ නිසයි මං තීරණය කළේ ලෝකයම හිනස්සවන්න.”

ජේ.කේ. රෝලිං – J.K. Rowling (හැරී පොටර් නවකතා මාලාවේ ලේඛිකා)

“මම හැරී පොටර් නවකතාව ගැන සිහින දැක්කේ දුම්රියේ ගමන් කරන අතරේ. නිවසේ ප්‍රශ්න නිසා වරක් මම මානසිකව කඩා වැටී දිවිනසා ගන්නත් ගියා”

එබ්‍රහම් ලින්කන් – Abram Lincoin (ඇමරිකාවේ හිටපු ජනාධිපති)

“මම කුඩා අවධියේ ජීවත්වෙන්න මුදල් හම්බකළේ සපත්තු මහලා”

ශාරුක් ඛාන් – Shahrukh Khan

“මම නගරයට ඇවිත් නිදාගත්තේ ස්ටේෂන් එකේ බංකුවල. යාළුවෙක් ගෙන් හැමදාම රුපියල් 20 ණයට අරගෙන තමයි රඟපාන්න අවස්ථාවක් ලැබෙනකන් “සිනාමා ගම්මානයට” ගියේ”

ලයනල් මෙසී – Lionel Messi (ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක)

“මගේ පාපන්දු පුහුණුවීම් වලට සල්ලි හොයාගන්නෙ රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා”

X

Pin It on Pinterest

X