සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී ඔබට වැදගත් වන කරුණු

සාර්ථක ජීවිතයකට මනා සමාජ සම්බන්ධතා අනිවාර්ය අංගයක් මොකද අපි කාටවත් තනියම ජීවත්වෙන්න බැහැ. අපට නිතරම අන් අයගේ උදව් අවශ්‍ය වෙනවා. පහත කාරණා 20 හොඳට හිතට ගත්තොත් ඔබටත් පුළුවන් ඔබේ සමාජ සම්බන්ධතා ඉතාමත් හොඳින් පවත්වාගෙන යන්න.

  • ඍණාත්මක මිනිසුන්ගෙන් ඈත් වන්න.
  • ඔබ හරි හැටි නොදන්නා කෙනෙක් සමඟ ගැටළුවක් ඇති වූ විට ඉක්මන් නොවී ඔවුන්ට සාධාරණ අවස්ථාවක් ලබාදෙන්න. මොකද ඔවුන්ට එසේ හැසිරීමට ඔබ නොදන්නා සාධාරණ හේතුවක් ඔවුන්ට තිබෙන්නට පුළුවන්.
  • ඔබ හැර ගිය අයට යන්න දෙන්න. ඔබ සාධාරණ අවස්ථා ලබා දී තිබියදීත් ඔබ හැර යන අය ගැන වද වෙන්න එපා.
  • සෑමදෙනා වෙතම කරුණාවත් ගරුත්වයත් ලබාදෙන්න. එවිට ඔවුන් ඒ ආකාරයටම ඔබටත් කරුණාවත් ගරුත්වයත් ලබාදෙනු ඇති.
  • මිනිසුන් ආශ්‍රය කිරීමේදී ඔවුන්ගේ ගතිගුණ සහ හැසිරීම් වෙනස් කරන්න යන්න එපා. ඔවුන්ගේ ගතිගුණ සහ හැසිරීම් අවබෝධ කරගෙන ජීවත්වීම ප්‍රමාණවත්.
  • ඔබ වටා සිටින අය නිතරම උනන්දු කරවන්න. ඔවුන්ගේ සුළු ජයග්‍රහණයකට වුවත් ප්‍රශංසා කරන්න.
  • ගැටුමක් ඇතිවූ විට වහාම සමාව දී එම ප්‍රශ්නය අමතක කරන්න.
  • දිනපතාම ඔබ ආශ්‍රය කරන අයට පොඩි හරි උදව්වක් කරලා තියන්න. උදව් ඉල්ලන්න කලින් උදව් කරලා තියන්න ඕන බව මතක තියාගන්න.
  • හිතවත්කම සහ පක්ෂපාතීත්වය රැකගැනීම ඔබ හොඳ මිතුරෙක් ලෙස කීර්තිනාමයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක්.
  • ඔබට වඩාත්ම අත්‍යාවශ්‍ය පුද්ගලයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතාව පවත්වාගෙන යන්න. Call එකක්, sms එකක්, facebook message එකක් යවන්න.
  • ඔබ දෙන පොරොන්දු රකින්න. මිනිස්සුන්ට ඇත්ත කියන්න.
  • ඔබ ආශ්‍රය කරන මිනිසුන්ගෙන් ඔබට ලැබිය යුතු යැයි අපේක්ෂා කරන දෑ ඔවුන්ට දීමට පුරුදු වන්න.
  • ඔබ අදහස් කරන දේම පවසන්න. ඔබ පවසන දේම ක්‍රියාත්මක කරන්න.
  • අනිත් අයගේ තීරණ වලට වැඩිපුර ඇඟිලි ගහන්න යන්න එපා.
  • අඩුවෙන් කතාකරලා වැඩියෙන් සවන් දෙන්න.
  • නොවැදගත් වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වලකින්න.
  • ඔබේ සැබෑ මිතුරන් කවුරුන්ද යන වග බුද්ධිමත්ව අවබෝධ කරගන්න.
  • අන් අය ක්ෂණික කෝපය නිසා ඔබ වෙත එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙන්න. ඉක්මන් වෙන්න එපා. තරහ නිවුනම ඔවුන්ම ඔබෙන් සමාව ඉල්ලාවි.
  • ක්ෂණික කෝපය නිසා ඔබ තුළ ඇතිවන හැඟීම් ද පාලනය කරන්න. තරහ ගියාම අපි අනවශ්‍ය විදියට අනිත් අයගෙ හිත් රිද්දනවා. සමහර විට ඔවුන් ඔබට සමාව දුන්නත් හිත් රිදීම් සදාකාලිකව මතක තියෙන්න පුළුවන්.
  • අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. ඔබ අතිනුත් වැරදි සිදුවන බව මතක තබාගන්න. ඔබෙන් වරදක් වූ විට සමාව ඉල්ලීමට නිහතමානී වන්න.
X

Pin It on Pinterest

X