විශ්මිත මිනිස් සිරුර

  • ඔබ සංගීතයට සවන් දෙන විට, ඔබ ඔබේ හෘද වස්තුවේ ස්පන්දන රටාවන් සංගීත රටාවට අනුව හැඩ ගැස්වීමට උත්සාහ කරනවා.

  • අපේ ශරීරයෙන් 70% ක් පමණ අඩංගු වන්නේ ජලයයි.

  • ඇස් ඇරගෙන කිවිසුම් අරින්න කාටවත් බැහැ.

  • අපේ ශරීරය තුළ දිනකට කෙළ ලීටර් 1 ½ ක් පමණ නිපදවෙනවා. මේ අනුව ජීවිත කාලය තුළ නිපදවෙන කෙළ ගැලුම් 6250 ලොකු නාන තටාක 2ක් පුරවන්න පුළුවන්ලු.

  • මිනිසාට ඇහි බැම ලැබී තිබෙන්නේ නලලේ සහ හිසේ ඇති වන ලුණු සහිත දාඩිය ඇසට වැටීම වැළැක්වීමේ ක්‍රමවේදයක් ලෙසයි.

  • අපේ ශරීරය වර්ධනය කරවන හෝර්මෝන නිකුත් වන්නේ නින්දේදී පමණයි.

  • මනුෂ්‍යයෙක් තම ජීවිත කාලය තුළදී දූවිලි රාත්තල් 45 ක් පමණ ආශ්වාස කරමින් සිරුර තුළට ලබාගන්නවා.

  • අපේ ඇඟේ තියෙන මුළු යකඩ ප්‍රමාණයෙන් අඟල් 3 ක ලොකු යකඩ ඇණයක් හදාගන්න පුළුවන්.

  • අපේ ඇඟෙන් පිටපන දාඩිය වල කිසිදු දුඟඳක් නැහැ. දුඟඳ ඇතිකරන්නේ ඒවා මත වර්ධනය වන බැක්ටීරීයා.

  • අපි අවදියෙන් සිටින විට මොළය තුළ නිපදවන විදුලියෙන් විදුලි බල්බයක් වුවත් දල්වන්න පුළුවන්.

  • මරණින් පසුවත් හිසකෙස් සහ නියපොතු වැඩෙනවා යන මතයත් මිත්‍යාවක්. මෙයට හේතුවී තිබෙන්නේ මිය ගිය පසුව ශරීරයේ කොටස් ක්‍රමයෙන් වියලෙන විට නියපොතු සහ හිසකෙස් වැඩිපුර මතුවීමේදී ඇතිවන දෘෂ්ඨි මායාවයි.

  • අපේ ශරීරයේ අවයව වලින් වඩාත්ම බර අවයවය 1.6 kg වන අක්මාවයි.

  • අපේ නාසයට විවිධ ගඳ සුවඳ ප්‍රභේද 50 000 ක් පමණ හඳුනාගන්න පුළුවන්.

  • ඔබේ සමේ ඉතාමත් කුඩා අංශු ලක්ෂ 6 ක් පමණ දිනපතාම ගැලවී යනවා.

  • අපේ අස්ථි කොතරම් ශක්තිමත් වුවත් ඒවායේ 30% ම තියෙන්නේ ජලය.

  • අපි යමක් ස්පර්ශකරන විට ඒ පිළිබඳ අපට දැනීමට මොළය වෙත පණිවිඩ රැගෙන යන්නේ පැයට සැතපුම් 124 ක පමණ වේගයෙන්.

  • වැඩිපුර ඇඟේ රෝම වැවෙන පුද්ගලයන්ගේ බුද්ධිමට්ටමත් වැඩියි කියලා පර්යේක්ෂකයින් සොයා ගෙන.

  • වයස අවුරුදු 30 න් පස්සෙ මිනිස් සිරුර ඉතා ක්‍රමයෙන් කුඩා වීමට පටන් ගන්නවා.

  • වයස අවුරුදු 60 පැන්නම ගොඩාක් මිනිස්සුන්ට රස දැනීම 50% කින් පමණ අඩු වෙනවා.

  • මිනිසෙක්ට ආහාර නොමැතිව මාසයක් වුවත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ජලය නොමැතිව සතියකට වඩා ජීවත් වන්න බෑ.

  • කුඩා දරුවන් මව් කුසේ සිටින විටත් සිහින දකිනවලු.

  • පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන් ඇසිපිය හෙලනවා.

  • මිනිස් ශරීරයේ වර්ග අඟලක් තුළ බැක්ටීරියා මිලියන 32 ක් පමණ ජීවත් වෙනවා.

  • අලුත උපන් දරුවෙක් පළමු වසර ඇතුළත උපන් ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ වැඩෙනවා.

  • දිනකට අපේ හිස කෙස් 80 ක් පමණ ස්වභාවයෙන්ම ගැලවී යනවා.

  • මනුෂ්‍ය වකුගඩු තුළ දියර වලින් අපද්‍රව්‍ය පෙරීම සඳහා මිලියනයක පමණ Nephrons භාවිතා වෙනවා.

  • මනුෂ්‍යයෙක් විනාඩියකට 25 වතාවක් පමණ ඇසිපිය ගසනවා.

  • දත් කියන්නේ මිනිස් ශරීරයේ තියෙන සුව වීමට හෝ අළුත් වැඩියා වීමට හැකියාවක් නැති එකම කොටසයි. මේ නිසා තමයි අපට නිතරම දත් දොස්තරලා අවශ්‍ය වන්නේ.

  • නියපොත්තට එක කෙළවරක සිට අනෙක් කෙළවරට සම්පූර්ණයෙන් වැඩීමට ගත වන්නේ මාස 06 ක කාලයක්.

  • අපි ක්‍රමයෙන් වයසට යන විට අපේ මොළයේ බරත් වසරකට 1g කින් පමණ අඩු වෙනවා.

  • සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට නින්ද යාමට ගතවන්නේ විනාඩි 7 ක් පමණයි.

  • අපි වෙව්ලන්නේ සීතල වුනාම ශරීරයේ උෂ්ණත්වය වැඩි කිරීමේ ක්‍රමයක් විදියටයි.

X

Pin It on Pinterest

X