රෝස පෙතිවන් දෙතොල් පවත්වාගෙන යාමේ රහස්

Lip Balm එකක් පාවිච්චි කිරීම.

දෙතොල් වියලීම හෝ දෙතොල් ඉරි තැලීම ඉතාමත් ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු තත්වයක්. මොකද දෙතොල්everything25 කළුවීම හෝ දෙතොල් වර්ණ වෙනස් වීම ආරම්භවීමට මෙය ප්‍රධාන හේතුවක්. මේ නිසා නිතරම ඔබේ දෙතොල් වියලීමකින් තොරව තබා ගැනීමට උත්සාහ කරන්න. මේ සඳහා හොඳම ක්‍රමයක් තමයි Lip Balm එකක් පාවිච්චි කරන එක. හැබැයි Lip Balm එකක් තෝරාගන්නත් ඕන ඉතාමත් ප්‍රවේසමෙන්. Petrolium සහිත Lip Balm දිගු කාලයක් භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. මේ නිසා Lip Balm එකක් තෝරා ගන්නා විට Natural B wax, Cadillac wax, Glycerine, Almond oil සහ Vitamin E වැනි අඩංගු Lip Balm එකක්ම තෝරා ගන්න. එහෙම නැති නම් නිදාගන්න යන කොට Vitamin-E oil ටිකක් දෙතොල් වල ගාගත්තත් හොඳටම ප්‍රමාණවත්. රෝස පැහැති දෙතොල් ලබා ගැනීමේ පළමු සහ මුල්ම පියවර තමයි මේ.

 

woman_drinking_water_big_time_0309_200x300දෙතොල් වලට හොඳින් ජලය ලබාදෙන්න.

දෙතොල් වල ඇති ජලය දෙතොල් වලට රෝස පැහැති දිලිසෙන ස්වභාවයක් ලබාදෙනවා. මේ නිසයි වියළුණු දෙතොල් ඉක්මනින් කළුපැහැ වෙන්නේ. Lip Balm එකක් දෙතොල් මතුපිටින් ගාලා Moisture කරලා විතරක් මදි. දෙතොල් ඇතුලත්න්ම ජලය පිරී තිබිය යුතුයි. මේ සඳහා අනුගමනය කළ යුතු එකම දේ වැඩිපුර ජලය පානය කිරීමයි. දෙතොල් වලට ජලය ලැබීමට නම් ඔබ කළ යුත්තේ ඔබගේ සිරුරට වැඩිපුර ජලය ලබාදීමයි.

 

 

Lipstick ආලේප කරන්නේ පරිස්සමෙන්.

Lipstick ආලේප කරන්න කලින් Chap stick එකක් හරි Lip balm එකක් හරි ආලේප කරලා ඉන්න. ගොඩක් Lipstick වර්ග නිසා දෙතොල් ඉතා වේගයෙන් වියලෙනවා. මේ නිසා Lip balm එකක් ගාලා තොල් මතුපිට තෙතමනය රැකදෙන පරිදි lipstick ආලේප කරන එක තමයි වඩාත් හොඳ. Lip gloss ආලේප කරන අයත් මෙක හොඳට මතක තියාගන්න.

 

28c6686bf3aba242350517fa1b074f4cදෙතොල් සඳහා රෝස පෙති ප්‍රතිකාරය.

රෝස පෙති වන් දෙතොල් කියලා කියන්නේ රෝස පෙති එච්චරටම ලස්සන නිසා නේද? අපිට පුළුවන් ඒ රෝස පෙති වල තියෙන ලස්සන වර්ණය අපේ දෙතොල් වලට ලබා දෙන්න. රෝස පෙති ප්‍රතිකාරය භාවිතා කරන්නේ මේ ආකාරයටයි.

මුලින්ම රෝස පෙති ටිකක් අරගෙන ඇඟිලි වලින් පොඩි කරලා ඒකට දියර කිරි ටිකක් දාන්න. ස්වාභාවික එළකිරි නම් වඩා හොඳයි. මිශ්‍රණය පැයක් විතර හොඳට පෙගෙන්න හරින්න. මී පැණි ස්වල්පයකුත් එකතු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. දැන් රෝස පෙති සහිත මිශ්‍රණය දෙතොල් මත ආලේප කර විනාඩි 15 -20 ක් විතර තිබෙන්නට හරින්න. පසුව සීතල වතුරින් හොඳින් සෝදා හරින්න.

රෝස පෙති වලට අපේ දෙතොල් වර්ණවත් කරන පුදුමාකාර හැකියාවක් තියෙනවා. ප්‍රතිකාරය කරලා බැලුවොත් ඒක හොඳටම ඔප්පු වෙනවා. මේ ප්‍රතිකාරය දිනපතාම කරලා බලන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

 

natural-lipදෙතොල් Scrub කරන්න.

Scrub කිරීමේදී සිදුවන්නේ සම මතුපිට ඇති මිය ගිය සෛල ඉවත් කිරීමයි. එවිට වඩාත් ඉක්මනින් නව සෛල වැඩීම සිදු වෙනවා.

Scrub කරන්න හොඳම විදිය තමයි sugar lip scrub එකක් හදා ගැනීම. මේ සඳහා දුඹුරු සීනි තේ හැන්දක් විතර olive oil බිංදු කිහිපයක් එක්ක කලවම් කරන්න. මී පැණි ටිකකුත් කලවම් කරන්න පුළුවන්නම් වඩා හොඳයි. විනාඩි 05 ක් පමණ මේ මිශ්‍රණය තිබෙන්න හරින්න. එවිට සීනි කැට තරමක් මෘදු වෙනවා. ඉන් පසු මිශ්‍රණය දෙතොල් වල ආලේප කරලා ඇඟිලි වලින් රවුමට කරකවමින් දෙතොල් scrub කරන්න. scrub කරලා ඉවර වුනාම දෙතොල් සෝදන්නේ නැතුව පුළුන් හෝ කපු රෙදි කැබැල්ලකින් ආලේපය පිස දමන්න. සතියකට වතාවක් වත් scrub කරලා ඔබේ දෙතොල් රෝස පැහැ වෙනතුරු ඔබම අත්හදා බලන්න.

 

ක්ලෝරීන් වතුර බොන්න එපා.

දෙතොල් වලට ක්ලෝරීන් හොඳම නෑ. ක්ලෝරීන් සහිත tap වතුර වෙනුවට හැකිතාක් පිරිසිදු ළිං ජලය පානය කරන්න. Tap වතුර පානය කරනවා නම් ජලය නටවා නිවා පානය කරන්න.

 

getting-black-lips

දෙතොල් වල වර්ණය වෙනස් කරන නරක පුරුදු

මත්පැන් පානය සහ දුම් බීමත් දෙතොල් කළු වීමට ප්‍රධාන හේතුවක්. ඔබේ දිවෙන් ඔබේ දෙතොල් ලෙව කෑමට පුරුදු වීමත් දෙතොල් වලට හොඳ නැහැ. ඒ වගේම කැ‍ෆේන් සහිත කෝපි හෝ තේ බහුලව භාවිතය අහිතකරයි.

 

සමබල ආහාර වේලක් ගන්න.

දෙතොල් වැඩීමටත් හොඳට පෝෂණය අවශ්‍යයි. බාහිරින් ආලේප කරනවාට වඩා Vitamin බහුල ස්වාභාවික ආහාර වේලක් ඔබ අනුභව කරනවා නම් දෙතොල් වඩාත් ප්‍රාණවත්ව නිරෝගීව වැඩෙනවා.

 

dark-lipstick-10දෙතොල් වලට තද වර්ණ ආලේප කිරීමෙන් වලකින්න.

ඉතා තද පැහැති වර්ණ දෙතොල් වල ආලේප කළ විට ඔබේ දෙතොල් වල තියෙන රෝස පැහැයට හානි වෙනවා. මේ නිසා පුළුවන් තරම් ලා වර්ණම භාවිතා කරන්න. Lipstick වර්ග තෝරා ගන්නා විට බාල වර්ගම ගන්නේ නැතිව පිළිගත් නමක් ඇති සමාගමක නිෂ්පාදන තෝරා ගන්න.

 

Minimize-Sun-exposureහිරු එළිය හැකි තාක් මග හරින්න.

දෙතොල් කළු පැහැ වීමට ප්‍රධානම හේතුව තමයි, දෙතොල් වල ඇති මෙලනීන් කියන සංඝටකය වැඩි වීම. සූර්යා ලෝකයේ ඇති අහිතකර UV කිරණ, අපේ සිරුරේ මෙලනින් සංඝටක නිෂ්පාදනය වීම වේගවත් කරනවා. මේ නිසා අධික හිරු එළියේ සිටිනවා නම් SPF හෝ Sun cream සහිත lip balm  එකක්හෝ lipstick ආලේප කිරීමට අමතක කරන්න එපා.

 

පිපිඤ්ඤා ප්‍රතිකාරය සහ කෝමාරිකා ප්‍රතිකාරය.

සිසිල් පිපිඤ්ඤා පෙති ඉතාමත් ගුණදායකයි. පිපිඤ්ඤා පෙත්තක් අරගෙන දෙතොල් සියුම්ව හොඳින් මසාජ් කරන්න. ඉන් පසු විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

කෝමාරිකා වලටද දෙතොල් සුවපත් කළ හැකි අපූරු හැකියාවත් තියනවා. කෝමාරිකා gel කොටස දෙතොල් වල ආලේප කර තබා සෝදා හැරීමත් ඉඳල හිටලා හරි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

X

Pin It on Pinterest

X