යාත්‍රා 01

ජීවිතය ජය ගන්න

 

ජීවිතය කියන්නෙ දීර්ඝ ගමනක්. අපි හැමෝම මේ ගමන යන්නේ දහසකුත් ආශාවන්, බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන. නමුත් ජීවිතය සඳහා ගමන් කළ යුතු මාර්ගය විවිධ අභියෝග, බාධක, කම්කටොළු වලින් පිරී පවතිනවා. මේවා අතරින් ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න සහ පවුල් ප්‍රශ්න ප්‍රධානයි.

මේ නිසා ගොඩක් අය කියන්න පුරුදු වෙලා ඉන්නවා මේ ජීවිතය කිසිම තේරුමක් නැති අසුන්දර දෙයක් කියලා. නමුත් එය අසත්‍යක්. ඔබේ ජීවිතය සුන්දර ද, අසුන්දර ද, යන බව තීරණය වන්නේ ඔබ ජීවිතය දෙස බලන ආකාරයටයි.

නිසල මුහුදකට කවදාවත් දක්ෂ නාවිකයෙක් බිහි කරන්නට බැහැ. මුහුද වඩාත් රළු වන තරමටම තමයි එම සයුර තරණය කරන නාවිකයා වඩාත් පරිණත වන්නේ. ජීවිතයත් මේ මහ සයුර වගේම තමයි. බාධක, සහ කම්කටොළු වැඩිවෙන තරමටම තමයි අපිත් පරිණත වෙන්නේ.

ජීවිතයේ ඔබට මුහුණදීමට ඇති ගැටළු සහ බාධක සියල්ලක්ම අභියෝග කරගන්න. ඒවාට මුහුණ දෙමින් ඉදිරියට යන ඔබට ආපසු හැරී බලන විට ඔබ ගැනම ආඩම්බර හිතේවි. ඔබේ ජීවිතය ගොඩක් සුන්දර බව ඔබටම දැනේවි, හොඳින් වැටහේවී.

ජීවිතය නමැති, චන්ඩ මාරුත වලින් පිරි රළු සයුරට සිනා සෙමින් මුහුණ දෙමින් සාර්ථකව තරණය කරන්නට මෙම සඟරාව ඔබේ පවුලේ සැමට යාත්‍රාවක් වේවායැයි මම ඉමහත් විශ්වාසයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

කතුවැකිය: යාත්‍රා – 2015 ජූනි

නිර්මාන් කොඩිතුවක්කු.

www.nirman.me

X

Pin It on Pinterest

X