බෝතල් කළ පානීය ජලය ගැන ඔබ නොදත් තතු…

ජලය කියන්නේ නොමිලේ ලැබෙන දෙයක්. ලොව ඕනෑම කෙනෙක්ට නොමිලේ ලබා ගැනීමට අයිතිය තිබෙන ද්‍රව්‍ය අතරින් ජලය හා සමකල හැකි වන්නේ වාතය පමණයි. නමුත් මේ ආකාරයෙන් නිකන් තියෙන ජලය වර්තමානයේ බෝතල් කර අලෙවි කරන්නේ රුපියල් 40 ක් වැනි අගයකට. ශාරිරික මෙන්ම පාරිසරික අර්බුද රැසක් නිර්මාණය කර ඇති බෝතල් කර ඇති පානීය ජලය ව්‍යාපාරය (Bottled Drinking water) ව්‍යාපාරය ගැනයි මෙම ලිපියෙන් විස්තර ගෙන එන්නේ.

  • මුල් වරට බෝතල් කල පානීය ජලය නිපදවා ඇත්තේ 1760 දශකයේදී ඇමරිකාවේ බොස්ටන් නගරයේදීය. සම්භාහන මධ්‍යස්ථාන වල පාරිභෝගිකයන්ට භාවිතය සඳහා මෙම බෝතල් හඳුන්වාදී තිබුණා.
  • ලෝකයේ බෝතල් කල පානීය ජල පරිභෝජනය සෑම වසරකදීම 50% කින් පමණ ඉහළ යනවා.
  • ඇමරිකාවේ බෝතල් කල පානීය ජලය පරිභෝජනය කරන පිරිස එරට සමස්ත කිරි සහ බියර් පරිභෝජනය කරන ප්‍රමාණයටත් වඩා වැඩියි. මේ වන විට ඇමරිකානුවන් ජලය ගැලුම් බිලියන 12 ක් පමණ එක් වර්ෂයකට පාවිච්චි කරනවා.
  • ටැප් වතුරට වඩා බෝතල් කල ජලය 1000% ක් මිලෙන් වැඩියි.
  • පානීය ජල බෝතල් වේගයෙන් ජනප්‍රිය වීම පෙප්සි, කොකා කෝලා වැනි බීම නිපදවන සමාගම් වලට මහත් පහරක් වී තිබෙනවා. එම නිසා ඔවුන් හෝටල් සහ අවන්හල් වල පානීය ජලය වෙනුවට බීම වර්ග නිර්දේශ කරන ලෙස විවිධ උපක්‍රම හඳුන්වා දී තිබෙනවා.
  • dew-water-poison-hoax-1පානීය ජල බෝතල් වල ඇඳලා තියෙන්නේ වනාන්තර වල දිය ඇලි වල රූප. නමුත් පානීය ජල බෝතල් වල ජලයෙන් 50% කම වාගේ අඩංගු වන්නේ ටැප් ජලයයි.
  • ඇමරිකාවේ Pepsi Aquatina ,Nestle-pure life යන පානීය ජල බෝතල් නිපදවන සමාගම් වලට ඒවායේ අඩංගු ජලය ලබාගෙන ඇත්තේ සමාන්‍ය ජල මූලාශ්‍ර වලින් බව සඳහන් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
  • අපි භාවිතා කරන ටැප් ජලය පානය සඳහා සුදුසු යැයි යන්න රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සහතික කර තිබෙනවා. විශේෂයෙන්ම E coli වැනි අහිතකර බැක්ටීරියා ඉවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලවල් එම ජලය පිරිසිදු කිරීමේදී භාවිතා වෙනවා. නමුත් බොහෝ බෝතල් කල පානීය ජලයේ එතරම් සුපරික්ෂාකාරී තත්ව සහතික කිරීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා බෝතල් කල පානීය ජලයට වඩා ටැප් ජලය සැබවින්ම ආරක්ෂිතයි.
  • ලෝක ජනගහනයෙන් 90% ක් පමණ තමන් පානය කරන ජලය අපිරිසිදු යැයි බියෙන් සිටිනවා. මෙය ඔවුන් බෝතල් කල පානීය ජලයට පුරුදු වීමට ප්‍රධාන හේතුවක්.
  • මිනිසුන් රාශියක් යොදා ගෙන ටැප් ජලය සහ බෝතල් කල ජලය සාමාන්‍ය වීදුරුවලට දමා වඩාත් පිරිසිදු සහ රසවත් ජලය කුමක්දැයි විමසූ විට බහුතරයක් දෙනා තෝරා තිබුණේ වඩාත් හොඳ ටැප් ජලය බවයි.
  • බෝතල් කල ජලය ඇසීරීමට භාවිතා කරන බෝතල් වර්තමානයේදී විශාල පරිසර ව්‍යවසනයක් ඇති කර තිබෙනවා. ඇමරිකාවේ පමණක් වසරකට ප්ලාස්ටික් බෝතල් බිලියන 30 ක් අපද්‍රව්‍ය ලෙස බැහැර කරනවා. නැවත ප්‍රතිචක්‍රීකරණයට යොමු වන්නේ 10 ක් පමණයි. අපද්‍රව්‍ය ලෙස බැහැර කරන ප්ලාස්ටික් බෝතල් පස ගංගා සහ සාගර ජලය වසර දහස්ගණනක් තිස්සේ දූෂණය කිරීමට සමත්. මෙම පස් වල සෑදෙන ආහාරත් ප්ලාස්ටික් නිසා දූෂණය වෙන ජලයේ සිටින මත්ස්‍යයනුත් අනුභව කරන මිනිසා වැඩි වැඩියෙන් පිළිකා වලට නතු වෙනවා.
  • පානීය ජල බෝතල් සැකසීමට අවශ්‍ය ප්ලාස්ටික් නිපදවීමට පෙට්‍රෝලියම් බැරල් මිලියන 20 ක් පමණ වසරකට අවශ්‍ය වෙනවා. මෙම තෙල් ප්‍රමාණය මෝටර් රථ 1, 000, 000 වසරක් මුලුල්ලේම ධාවනය කරන්නට ප්‍රමාණවත්.
  • ප්ලාස්ටික් බෝතල් නිපදවීමේදීත් විශාල පරිසර දූෂණයක් සිදු වෙනවා. එක් ප්ලාස්ටික් බෝතලයක් නිපදවීමේදී එහි ඇසිරීමට භාවිතා කරන ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් වැය වෙනවා.Water-Should-I-Drink
  • වසරකට පානීය ජල බෝතල් විකිණීමෙන් ලොව පුරා සමාගම් ලබන ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් පමණ වෙනවා.
  • වසර 2025 වන විට ලොව පුරා ඇතිවේ යැයි විශ්වාස කරන පානීය ජල අර්බුධය නිසා අනාගතයේදී බෝතල් කල පානීය ජල ව්‍යාපාරය ලොව අංක එකේ ව්‍යාපාරය බවට පත්වීමේ හැකියාවක් තියෙනවා.
X

Pin It on Pinterest

X