පිටසක්වල ජීවීන් යනු දෙවියන්ද?

දේව සංකල්පය සෑම ආගමකම විශාල වශයෙන් මුල් බැසගෙන තිබෙනවා. සෑම ආගමකම මෙම සංකල්පය විශාල වශයෙන් විශ්වාස කිරීමට කුමන හෝ හේතුවක් තිබිය යුතුයි.

මිනිසා විද්‍යාවේ දියුණුවත් සමඟම ක්‍රමයෙන් තමා අවට ඇති අභ්‍යවකාශ වස්තූන් වෙත ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා. මේ වන විටත් පිටසක්වල ලෝකයක් වන චන්ද්‍රයා මත පා තබා ඇති මිනිසා අඟහරු ග්‍රහයා මතටත්, ඈත අභ්‍යවකාශයේ පාවෙන ග්‍රාහකයන් මතටත් ඔවුන් විසින් සාදන ලද යානා ගොඩ බස්සවා අවසන්. විද්‍යාඥයන් තුළ ඇති පිටසක්වල ජීවීන් සෙවීමේ කුතුහලය තවමත් අවසන් වී නැහැ. මේ නිසා විද්‍යාවේ දියුණුව සමඟම ඔවුන් අනිවාර්යෙන්ම අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ඇති ග්‍රහ ලෝක වලද ජීවීන් සොයා ගමන් කරනු ඇති.

අභ්‍යාවකාශ යානයක් සිහි ගන්වන පුරාණ මායන් පාකාල් රජුගේ පිරමීඩයක තිබී හමුවුණු කැටයමක්.
අභ්‍යාවකාශ යානයක් සිහි ගන්වන පුරාණ මායන් පාකාල් රජුගේ පිරමීඩයක තිබී හමුවුණු කැටයමක්.

මිනිසා තුළ ඇති කුතුහලය නිසා ඔවුන් තම සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට යාමට ප්‍රයත්න දරනවා නම්, ඈත අභ්‍යවකාශයේ කිසියම් බුද්ධිමත් ජීවීන් කොටසක් වාසය කරයි නම්, ඔවුන්ද ඔවුනගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈත ඇති අපගේ පෘථිවිය වැනි ග්‍රහ ලෝක සොයා යාමට උත්සාහ කළ යුතුයි නේද? මෙම තර්කය මත බොහෝ බුද්ධිමතුන් විශ්වාස කරන කාරණයක් වන්නේ අප නොදැන සිටියාට පෘථිවියටද එවැනි පිටසක්වල අමුත්තන් පැමිණ තිබිය යුතු බවයි.

අප පෘථිවිය මත ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී හමුවන සාක්ෂි වලින් අපට විශ්වාස කළ නොහැකි ඉතාමත් අසාමාන්‍ය තොරතුරු හමුවී තිබෙනවා. මේ නිසා බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ එම අසාමාන්‍ය සිද්ධීන් වලට හේතුව විය යුත්තේ ඈත අතීතයේදී පෘථිවියට පැමිණ වාසය කළ පිටසක්වල ජීවීන් බවයි. මෙම සංකල්පය ඔවුන් හඳුන් වන්නේ පුරාණ පිටසක්වල ජීවීන් හෙවත් “Ancient Aliens” යන නාමයෙනි.

6a00d83451606769e201156f937276970c-piමේ පිළිබඳව පර්යේෂණ කරන “එරික් ඩන්කන්” නැමති ඉතිහාසඥයා 1968 දී ඉතාමත් ආන්දෝලනාත්මක පොතක් පළකලා. “Chariots of Gods” නම් මෙම පොතෙහි මීට වසර දහස් ගණනකට ඉහතදී බුද්ධිමත් පිටසක්වල ජීවීන් වාසය කළ බවට සාක්ෂි රාශියක් දක්වා තිබුණා.

දෙවියන් ලෙද යම් කිසි කොට්ඨාසයක් සිටීනම් ඔවුන් ඉතා බුද්ධිමත් සහ බලවත් පිරිසක් විය යුතුයි. දෙවියන් විසින් මිනිසා ආරක්ෂා කළ යුතු නමුත් මිනිසා විසින් දෙවියන් ආරක්ෂා කළ යුතු නැහැ. නමුත් බොහෝ ආගම්වල දෙවියන් ලෙස හඳුන්වා දී ඇති අය ඉතාමත් සරල කාරණා සඳහා යුධ වැදී තිබෙනවා. ඔවුන් විවිධ උපද්‍රව වලට බිය වී ඒවායින් ආරක්ෂා වීමට විවිධ උපක්‍රම භාවිතා කර තිබෙනවා. ඇතැම් දෙවිවරු මිනිසා සමඟ කෝපවී මිනිස් දේපල වලට හානි කර මිනිසාට දඬුවම් දීමට පවා ක්‍රියාකර තිබෙනවා. මේ නිසා දෙවියන් යනු මිනිසා වැනිම හැඟීම් ඇති තවත් එක් ජීවීන් කොට්ඨාසයක් විය යුතුයි නේද? එම දෙවියන් ලෙස හැඳින්වූ ජීවීන් කොට්ඨාසයට මිනිසුන් වැඳුම් පිදුම් කිරීමට පුරුදු වූයේ එම ජීවීන්ගේ සහ මිනිසුන්ගේ බුද්ධි මට්ටම් අතර වූ විශාල වෙනස නිසා විය හැකියි. සෑම ආගමකම දෙවියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ එම දෙවියන් විවිධ නම් වලින් හැඳින් වුවත් ඔවුන් එකම වර්ගයක් ජීවීන් කොට්ඨාසයකට අයත් විය යුතු බවයි.

සෑම ආගමකම දෙවියන් දක්වා ඇත්තේ අහස ඔස්සේ මිනිසා වෙත පැමිණි බුද්ධිමත් පිරිසක් ලෙසයි. එසේ නම් එලෙස දෙවියන් ලෙස හැඳින්වූ පිරිස වෙනත් ග්‍රහ ලෝකයක සිට පෘථිවියට පැමිණි පිටසක්වල ජීවීන් කණ්ඩායමක් විය හැකියි. ඔවුන් අපේ ආදි වාසීන්ට වඩා බුද්ධිමත් වූ හෙයින් ඔවුන් තුළ තිබූ විශිෂ්ඨ හැකියාවන්ගෙන් මවිත වී අපි ඔවුන්ට වැඳුම් පිදුම් කරන්නට ඇත. එම බුද්ධිමත් ජීවීන් තමන්ට වැඳුම් පිදුම් කරන මිනිසාට ඒ වෙනුවෙන් තම හැකියාවන් භාවිතා කොට විශේෂ තාග්‍ය ලබා දෙන්නට ඇති. මේ නිසා මිනිසා තමාට ලබා ගත නොහැකි ආශාවන් ඉෂ්ඨ කර ගැනීම සඳහා මෙම “දෙවියන්” ට වැඳුම් පිදුම් කිරීමට පුරුදු වූවා විය හැකියි නේද? ඈත අතීතයේ කරන ලද සිතුවම් නිරීක්ෂණය කිරීමේදී පෙනෙන ප්‍රධාන කාරණයක් වන්නේ සෑම ශිෂ්ඨාචාරයකම මිනිසා තමන්ට වඩා බලවත් ජීවීන්ට වන්දනාමාන කිරීමට පුරුදුව ඇති බවයි.

ඇතැම් විට මනුෂ්‍යයා පෘථිවිය මත පරිණාමය වූවා නොව ඔවුන්ද මෙම දෙවිවරු සමඟ සංක්‍රමණය වූ පිටසක්වල ජීවීන් කොට්ඨාසකයක් විය හැකියි. සමහර විට මිනිසා යනු බුද්ධිමත් ජීවීන් පිරිසක් විසින් පෘථිවිය මත කරන ලද පරීක්ෂණයකින් බිහි වූ ප්‍රතිඵලයක්ද විය හැකියි. මෙම පිටසක්වල “දෙවියන්”  පිළිබඳ සංකල්පය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා, එතුමා විසින් රචනා කරන ලද විද්‍යා ප්‍රබන්ධයක ද සඳහන් කර තිබෙනවා. එතුමා පවසන්නේ සත්‍ය සෑම විටම ප්‍රබන්ධයකටත් වඩා විශ්මය ජනක වනු ඇති බවයි.

දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකාව ලෙව වටා තමන්ගේ යුධ කටයුතු මෙහෙයවීමට තාවකාලික කඳවුරු ලොව පුරා පිහිටුවා නැගෙනහිර ආසියාවේ හුදකලා දූපතක් මෙලෙස තාවකාලික කඳවුරක් ලෙද තෝරා ගත් ඇමරිකාව එම දූපතේ නව ගුවන් මධ්‍යස්ථානයක් පිහිටුවා මෙම දූපතේ ජීවත් වූයේ ඉතාමත් නොදියුණු භාහිර ලෝකයෙන් වෙන්වූ හුඟාක් ගෝත්‍රියන් පිරිසක්. ඔවුන් ගුවන් යානා වලින් මෙම දූපතට පැමිණි ඇමරිකානුවන් මෙම ගොත්‍රිකයන් දුටුවේ විශාල කුරුල්ලන් මත නැගී ඔවුන් වෙත පැමිණි දේව කොට්ඨාසයක් ලෙසයි. මෙම ඇමරිකානු “දෙවියන්” හා සටන් කිරීමට සටන් කිරීමට හැකියාවක් නොමැති බව අවබෝධ කරගත් ඔවුන් ඇමරිකානුවන්ට යටත්ව ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පෙළඹුනා. ඇමරිකානුවන් සහ තාක්ෂණය ගෝත්‍රිකයන් විශ්වාස කලේ මායාකාරී විජ්ජාවක් ලෙසයි. විශාල යුද්ධයක පැටලී සිටි ඇමරිකානුවන්ට ගෝත්‍රිකයන් හා සටන් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ නිසා ඇමරිකානුවන් තම තාක්ෂණය උපයෝගී කර ගනිමින් තමාට වැඳුම් පිදුම් කරන ගෝත්‍රිකයන් ඔවුන්ගේ කැමැත්තෙන්ම තම වහලුන් කර ගත්තා. තමා වෙත සේවය කරනවා වෙනුවෙන් රසවත් ආහාර පාන වටිනා ඇඳුම් පළඳුම් ඖෂධ තාක්ෂණික මෙවලම් මොවුන් වෙත ලබා දුන්නා. ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකානුවන් හදිසියේම මෙම දූපත අතහැර නික්ම ගියා. තමාගේ සිතුම් පැතුම් ඉටු කරමින් තමා හා සිටි “දෙවියන්” හිටි හැටියේම තමාගෙන් නික්ම යාම ගෝත්‍රිකයන්ට දරාගත නොහැකි වුණා. ඔවුන් සිතුවේ ඔවුන් ඇමරිකානුවන්ට කළ වැඳුම් පිදුම් වල අඩුපාඩු නිසා ඔවුන් නික්ම ගිය බවයි. ඔවුන් ජීවත් වන දූපත මත ඈත අහසට පෙනෙන පරිදි විවිධ සලකුණු ඇති කරමින් වසර ගණනාවක් යන තුරු අහස දෙස බලා සිටියේ අහසින් පැමිණ නික්ම ගිය දෙවිවරු නැවත ඔවුන් වෙත පැමිණේ යැයි බලාපොරොත්තුවෙන්.

මේ ආකාරයෙන්ම පෘථීවියට පිටසක්වල ජීවීන්ද පැමිණෙන්ට ඇත්තේ ඔවුන්ගේ තාවකාලික අරමුණු වෙනුවෙන් විය හැකිය. ඔවුන්ගේ අරමුණ ඉටුකර ගත් පසු ඔවුන් පෘථිවියෙන් නික්ම යන්නට ඇති. එසේ නික්ම යාම දරාගත නොහැකිවූ පෘථිවි මිනිසා තමා වෙත අරුම පුදුම ත්‍යාග සහ සේවාවන් ලබා දුන් දෙවිවරුන් නැවත එන තෙක් ඔවුන්ගේ රූප වලට වන්දනා මාන කරන්නට ඇති. ඔවුන් වෙත වන්දනා මාන කිරීමෙන් පවා තමා වෙත ශක්තියක් ලැබෙන බව විශ්වාස කරන්නට ඇති. වසර දහස් ගණනක් සිට විවිධ ආගම්වල විවිධ දෙවිවරුන් බිහිවන්නට ඇත්තේ මේ ආකාරයටයි.

JomonStatue b56408293382-1

 

 

කැනීම් වලින් හමුවූ පුරාණ ගගනගාමීන් ගේ යයි සැක කල හැකි ප්‍රතිමා

 


ke520e8d14
6f5c91e606d3 appndx-cargoCult-MayaAstroFigure cbcc8676adbcd209fae1ea1c3859ed21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X

Pin It on Pinterest

X