පාවෙන කෝච්චි

JR_MLX01-1_001කෝච්චි පෙට්ටියක බර කොතරම්ද කියලා ඕනෑම කෙනෙක්ට වැටහෙනවා. එසේ නම් ටොන් දහස් ගණනක් බරැති දුම්රියක් පාවෙනවා කිව්වොත් ඒක තරමක් හිතා ගන්නත් අමාරුයි. ගැස්සෙමින් පැද්දෙමින් මහා ඝෝෂාවක් මැද්දේ ගමන් කරනාවට වඩා පාවෙන කෝච්චියක ගමන් කරන්න පුළුවන් නම් ඇත්තටම සනීපයි නේද? ලංකාවේ අපට බැලූ බැල්මටම මේ පාවෙන කෝච්චිය ගමනක් යන එක හීනයක් වගේ පෙනුනත් මේ වන විට ලොව පුරා රටවල් වල දුම්රිය කටයුතු සඳහා භාවිතා කරන්නේ මේ අරුම පුදුම පාවෙන කෝච්චි.

ටොන් දහස් ගණනක් බර දුම්රියක් තියා එක දුම්රිය පෙට්ටියක්වත් පා කරවන්නේ කොහොමද? මේ සඳහා භාවිතා කරන්නේ ඉතාමත් සරල විද්‍යාත්මක ක්‍රමයක්. ඔබ පොඩි කාලේ කාන්දම් දෙකක් හමුවුනාම ඒවා සමඟ සෙල්ලම් කළ හැටි ටිකක් කල්පනා කරලා බලන්න. කාන්දම් දෙකේ එකිනෙක විරුද්ධ අග්‍ර ලංකරාම ඒවා එකට ඇලෙනවා. එකිනෙක සමාන අග්‍ර ලංකරන විට ඒවා එකිනෙකාගෙන් ඈත් වෙනවා. මේ ආකාරයෙන් සමාන අග්‍ර සහිත චුම්භක ලං කළ විට ඒවා එකිනෙකාගෙන් ඈතට තල්ලු කරන බලය අපේ අත්වලටත් හොඳට දැනෙනවා නේද.

jr_maglev-levපාවෙන කෝච්චිත් පාවෙන්නේ මේ ආකාරයටම තමයි. කෝච්චිය තිබෙන පීලි දෙකේ එක දිගට තිබෙන්නේ තඹ කම්බිවලින් සෑදුනු විද්‍යුත් චුම්භක. විද්‍යුත් චුම්භක කියන්නේ විදුලිය ලබා දුන් විට පමණක් චුම්භක ලක්ෂණ ඇති කරන තාවකාලික චුම්භක. පීලි වල තියෙන මේ විද්‍යුත් චුම්භක වලට විදුලිය ලබා දුන් විට ඒවා චුම්භක බවට පත් වෙනවා. සෑම කෝච්චි පෙට්ටියකම යටත් විශාල චුම්භක සවිකර තිබෙනවා. පීලි වල ඇති විද්‍යුත් චුම්භක වලින් ඇතිවන්නේ කෝච්චි පෙට්ටිවල වල යට සවි කර ඇති චුම්භක අග්‍ර වලට සමාන අග්‍ර වන හෙයින් විදුලිය ලබා දුන් විට කෝච්චි පෙට්ටිත් දුම්රිය පීලිත් එකිනෙකාගෙන් ඈත් වීමට උත්සාහ කරනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කෝච්චිය මදක් ඉහළට එසවෙනවා. සාමාන්‍යයෙන් 1cm – 10cm අතර ප්‍රමාණයක් තමයි පීලි වලින් කෝච්චිය එසවෙන්නේ දැන් කෝච්චි පීලි වල ඇති විද්‍යුත් චුම්භක වලට ක්‍රමයෙන් විදුලිය ලබා දෙන විට එලෙස විදුලිය ලබා දෙන දිශාවට දුම්රිය පාවෙමින් ගමන් කරනවා. මෙලෙස ගමන් ආරම්භ කරන විට පීලි වලින් මදක් එසවෙන දුම්රිය නැවත පීලි මතmag-lev-diagramට පතිත වන්නේ ගමනාන්තයට ලඟා වූ පසුවයි. මෙවැනි දුම්රිය හඳුන්වන්නේ Magnet Trains හෙවත් Maglev ලෙසයි.

පුදුමාකාර අලුත් තාක්ෂණයක් ලෙස පෙනුනාට වසර ගණනාවක් තිසසේ මෙවැනි දුම්රිය බටහිර රටවලත්, චීනයේත් බහුලව භාවිතා වෙනවා. රෝද වලින් පීලි මත ඇති කරන ඝර්ෂණ බලය නොමැති නිසා මෙම පාවෙන කෝච්චි වලට පැයට කිලෝමීටර් 500 (500kmph) පමණ වේගයක් ලබා ගන්න පුළුවන්.

විද්‍යුත් චුම්භක සහිත දුම්රිය මාර්ගය
විද්‍යුත් චුම්භක සහිත දුම්රිය මාර්ගය

2015 අප්‍රේල් මාසයේදී චීනයේ ෂැන්හයි මැඩිලින් දුම්රිය පැයට කිලෝමීටර් 603 ක වේගයෙන් ගමන් කර ලෝක වාර්තාවක් ද තැබුවා. මේ වාගේ දුම්රියකින් ලංකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට යාමට ගත වන්නේ පොඩි කාලයක්. විනාඩි 15 කින් සැතපුම් 100 ක් පමණ ගමන් කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ගමන් කරන නිසා මේ කෝච්චි වලින් දුම් පිටවන්නේ නැහැ. අධික වේගයෙන් සුළං පාර කපා ගෙන යන ශබ්දය හැරෙන්න වෙන කිසිදු ශබ්දයක් මෙම දුම්රිය නිසා නැගෙන්නේ නැහැ. කොටින්ම කියනවානම් මගීන්ට මෙම දුම්රිය යනවා කියලා දැනෙන්නේ නැහැ. සැතපුම් දහස් ගණනක් දුර දුම්රිය මාර්ග තිබෙන ඇමරිකාව, චීනය, වැනි රටවල මෙම දුම්රිය සැලකෙන්නේ ඉතාමත් ලාභදායී සහ වේගවත් ප්‍රවාහන සේවයක් ලෙසයි. ගුවන් යානයක් ගමන් කරන වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කරන මෙම දුම්රියය පදවන්න රියදුරෙක්වත් අවශ්‍ය නැහැ. නිශ්පාදන මූලික පිරිවැය වැඩි වුවත් නඩත්තුව සඳහා ඉතාමත් අඩු මුදලක් තමයි යන්නේ.

ශ්‍රී Maglev_train-638x425ලංකාව වැනි පොඩි රටවල් වලට මේවාගේ පාවෙන කෝච්චි කවදා ඒවිද කියන්න බෑ. පාවෙන කෝච්චි ලංකාවටත් ආවොත් අපි හැමෝටම පුළුවන් වේවි පාවි පාවී ලංකාව වටේම එක දවසින් ගිහින් එන්න.

X

Pin It on Pinterest

X