තරුණකම රැක ගැනීමේ රහස්

වයස අවුරුදු 20 -25 පමණ වන විට අපේ ශරීරය වර්ධනය විය හැකි උපරිම ප්‍රමාණයට වර්ධනය වී අවසන්. ඉන් පසු ක්‍රමයෙන් අපේ ශරීරය වයසට යනවා. මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් දහස් ගණන් වියදම් කරනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ වැඩිපුර වියදම් නොකර ශරීරයට හිතකර ආකාරයෙන් ස්වභාවික ක්‍රමවලින් තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්.

Almond Oil

කුඩා ආමන්ඩ් ඔයිල් බෝතලයක් මිලදී ගෙන ඔබේ දෑත් වල ආලේප කරන්න. මෙය අත් රැලි වැටීම අඩු කරනවා.

pomegranate-07
දෙළුම් කන්න

දෙළුම් වල වයසට පමා කරවන පුදුමාකාර බලයක් ඇති බව සොයාගෙන තිබෙනවා. සමට අත්‍යවශ්‍ය Pomanox නැමැති සංඝඨකය මෙහි අන්තර්ගතවීම මෙයට හේතුවයි.

imagesස්වභාවික මී පැණි

සමේ මී පැණි ආලේප කිරීම සමට නව පෙනුමක් ලබා දෙන ප්‍රතිකාරයක්. ඔබගේ බෙල්ල, අත් සහ මුහුණේ දිනකට වරක් මෙලෙස මී පැණි ආලේප කර විනාඩි 20 ක් තිබෙන්න හැර සෝදා හරින්න. ක්‍රීම් වර්ග ආලේප කරනවාට වඩා ගුණදායකයි.

 

තක්කාලිTomato-78

හමේ තරුණකම රැකගන්න ගොඩක් උදව් වෙනවා. මේවායේ ඇති Lycopene නැමැති සංයෝගය සමට හිතකර Anti Oxygen වලින් සමන්විත හෙයින් සම රැලි වැටීම අඩු කරයි.

නිවිතිbaby-spinach

නිවිති වලත් Lutein නැමැති  Antioxidant අන්තර්ගත වෙනවා. මෙයත් සමේ රැලි වැටීම අඩු කරවනවා. ඇස් යට කළු වීම අඩු කරවන විටමින් C සහ K බහුලයි.

මුහුදු බෙල්ලන්

මුහුදු බෙල්ලන් තුළ විටමින් B12 සහ අයන් බහුලයි. හමේ වර්ණය වෙනස්වීම සහ විශේෂයෙන් ඇස් යට කළු වීම අඩු කරවීම මීට හේතුවයි.

යෝග ව්‍යායාම72f1eb684d1fd9ba_454863233.xxxlarge_2x

මෙය ලංකාවේ නම් තවම එතරම් ජනප්‍රිය නැත. නමුත් නිවැරදිව යෝග ව්‍යායාම කරන අය වසර 10 කින් පමණ තරුණ වන බවයි පැවසෙන්නේ.

හිස කෙස් ප්‍රමාණය

හොඳින් හිස කෙස් පිරී ඇති මුහුණකින් වඩාත් තරුණ බවක් දිස්වෙනවා. මේ නිසා හිස කෙස් වැඩිව පෙනෙන විලාසිතා තෝරා ගැනීම සහ හිස කෙස් වැඩි කිරීමට ප්‍රතිකාර කිරීම.

ජොජෝබා (Jojoba Oil)

Jojoba කියන්නේ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ වැවෙන ශාකයක්. මෙම තෙල් සම රැලි වැටීම අඩු කිරීමට විශාල හේතුවක් වෙනවා. Almond තෙල් වලට Jojoba තෙල් බිංදු කිහිපයක් කලවම් කර හිසකෙස් සහ සමේ ආලේප කර මසාජ් කිරීම ඉතාමත් සුදුසුයි.

දිනකට පැය 7ක නින්දක්

තරුණකම රැක ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම රාත්‍රියට සුව නින්දක් ලැබිය යුතුමය.

මත්ද්‍රව්‍ය2000px-No_Smoking.svg

දුම් පානය සහ මත්පැන් පානය කරන අය ඉක්මනට වයසට යනවා.

හිසකෙස්වල පැහැය.

ඔබට තිබෙන්නේ කළු පැහැති හිසකෙස් නම් කොණ්ඩය සුදු වන විට නැවත කළු පැහැයම ආලේප කරන්න එපා ඒ වෙනුවට තරමක් ලා පැහැති වර්ණ යොදා ඩයි කරන්න. මෙවිට ඔබේ හිසකෙස් සුදු වීම අඩුවෙන් අන් අයට දිස්වෙනවා. හිසකෙස් වර්ණය ගැලපෙන ලෙස වෙනස් කිරීම ඔබේ තරුණ බව ඉස්මතු කර පෙන්වනවා.

විටමින් B

විටමින් B සහිත ආහාර හැකි පමණ අනුභව කරන්න.

සුබවාදීව සිටින්න

ඔබ වයසට යනවායැයි ලත නොවී ඔබේ තරුණකම රැක ගැනීමේ ක්‍රම පිළිබඳ අවධියෙන්  සිටින්න. ඒ පිළිබඳ සුබවාදීව සිතන්න. වයසට ගියත් හිතින් තරුණ නම් වයසට යන්නේ ඉතාමත් හිමින්.

සුවඳ විලවුන්01-lily-of-the-valley-perfume-dior-diorissimo

වයස කියන්නේ ඉලක්කමකට වඩා අන් අයට ඔබ පිළිබඳව දැනෙන විදියයි. මේ නිසා ඔබ වයසට ගියත් නිතරම තරුණ අය ප්‍රිය කරන සහ ගැලපෙන සුවඳක් සහිත සුවඳ විලවුන් ඇඟේ ගල්වන්න. එවිට ඔබගෙන් නිකුත්වන තාරුණ්‍යයේ සුවඳ ඔබ කෙරෙහි තරුණ පෙනුමක් අන් අය තුළ ඇති කරවනවා.

දෑත්

ඔබේ ශරීරයේ මුලින්ම වයසට යන්න පටන් ගන්නේ ඔබේ දෑත් මේ නිසා Hand Cream එකක් තෝරා ගෙන දිනපතා නින්දට පෙර දෑත් ආලේප කරන්න. සතියකට වරක් යෝගට් එකක් රැගෙන එයට මී පැණි කලවම් කර ඔබේ දෑත් වල හොඳින් ආලේප කර තුනී පොලිතින් කවරයකින් දෑත් වෙලා විනාඩි 15 ක් පමණ දෑත් වලට හොඳින් දහඩිය දැමීමට හැරීමට හැකිනම් මෙය වඩාත් සාර්ථකයි. ඊට පසු සෝදා හරින්න. එවිට ඔබේ දෑත් වලින් පුදුමාකාර මෘදු බවක් ඔබට දැනේවි.

Eye Cream

වයස අවු: 28 ඉක්මවන සෑම කාන්තාවක්ම අනිවාර්යෙන්ම Eye Cream එකක් භාවිතා කළ යුතුයි. මොකද ඇස් යට කළු වීම සහ රැළි වැටීම ඔබේ වයස දෙගුණ කර පෙන්වනවා. අනවශ්‍ය විදියට ඇස් පොඩි කිරීමෙන් ඇස් රැළි වැටෙන්න පුළුවන්.

හිනා වෙන්න

නිතරම හිනාවෙන් සිටින අයගේ හමේ රැළි වැටීම අඩු බව සොයාගෙන තිබෙනවා. මීට හේතුව තමයි ඔවුන්ගේ ආතතිය අඩු නිසා ඇඟට අහිතකර හෝර්මෝන නිපදවීම අඩු වීම. විහිළු කතා කියවීම සහ නාට්‍ය නැරඹීම මීට හොඳ පුරුද්දක්.

වතුර බොන්නmj-618_348_drink-water-lose-weight

තරුණකම රැකගන්න අනිවාර්යෙන්ම ජලය ලීටර් 2 ½ ක් පානය කිරීම අනිවාර්යයි. එකවර ගොඩාක් ජලය පානය නොකර සමාන කාල පරාසයක් තුළ ජලය නිතර බීමට පුරුදුවන්න. උදෑසන අවදිවූ විගස මුලින්ම ජලය වීදුරුවක් පානය කරන්න. උදෑසන ජලය පානය කිරීම පැය ගණනක් තිස්සේ ජලය නොමැතිව වියළුණු ශාකයකට ජලය දමනවාට සමාන ක්‍රියාවක් සේ සිතන්න. නිසි පරිදි ජලය පානය කිරීමෙන් පමණක් වුවත් ඔබේ තරුණකම රැක ගන්න පුළුවන්.

මොළය වෙහෙසන ක්‍රීඩා

මොළය වෙහෙසන ක්‍රීඩා කිරීම ලෙස මෙහිදී සඳහන් වන්නේ එළිමහන් ක්‍රීඩා නොවේ. ප්‍රහේළිකා පිරවීම, ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් ඔබේ මොළයේ ඉතාමත් සක්‍රීයව පවත්වාගෙන යා හැකියි. එවිට වයසට යාම අඩකර ගත හැකියි.

දත්brush-teeth-orange-juice

කොතරම් තරුණ වුවත් වැඩක් නෑ ඔබේ දත් ටික නිරෝගී නොමැති නම්. මේ නිසා නිරෝගී පෙනුම පවත්වා ගෙන යාමට දිනකට දෙවරක් දත් මැද ඔබගේ තරුණ පෙනුම පවත්වාගෙන යා යුතුයි. අඩුම තරමින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසී දත් පරීක්ෂා කරගන්න.

10933255-young-sexy-couple-posing-in-studioඇඳුම් පැළඳුම්

බොහෝදෙනා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී වයසට ගැලපෙන්නයි ඇඳුම් පැළඳුම් මිලදී ගන්නේ. නමුත් තරුණකම රැක ගැනීමට නම් ඔබ අඳින පළඳින විදියද තරුණ විය යුතු බව මතක තබා ගන්න.

සම රැකගන්න

ඔබේ සම නිතරම හිරු එළියට නිරාවරණය වනවානම් ඔබේ සමත් ඉතා ඉක්මනට වයසට යනවා. මේ නිසා හිරු එළියේ වැඩි වේලාවක් ගත කරනවානම් SPF සහිත (Sun Protection Factures) සහිත ක්‍රීම් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න.

සමබල ආහාර වේලක්

ගසක් හොඳට සාත්තු කර හදනවානම් වයසට නොයා ගොඩාක් කල් එය ප්‍රාණවත්ව තිබෙනවා නේද? ඔබේ ශරීරය ගැනත් මේ ආකාරයටම සිතන්න. ඇඟේ සෑම සෛලයක්ම හොඳින් නිරෝගීව පවත්වාගෙන යාමට නිතරම හොඳ ආහාර වේලක් ලබාගන්න. විශේෂයෙන් උදෑසන ආහාරය පිළිබඳව සැලකිලිමත් වන්න.

 

X

Pin It on Pinterest

X