ඔබට ලැබී ඇත්තේ ඔබේ සැබෑ ආදරවන්තයා හෝ සැබෑ ආදරවන්තියද?

  • ඔහු හෝ ඇය ඔබව සෑම විටම පුදුමයට පත් කරනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි. ඒ එවිට ඔබේ මුහුණේ සිනාව දකින්න තියෙන ආසාවට. ඔහුට හෝ ඇයට ඔබ දෙස බලන බැල්මෙන් වුවත් ඔබේ මුහුණේ සිනාවක් නැංවිය හැකියි.
  • ඔහු හෝ ඇය ඔබ කතා කරන විට ඔබට හොඳින් සවන් දෙනවා. අකමැත්තෙන්වත්, ඕනෑවට එපාවටවත් නොමෙයි ඇත්තටම සවන් දෙනවා.
  • ඔහු හෝ ඇය ඔබ ළඟ නොමැති විට ඔබට පුදුමාකාර පාළුවක් දුකක් දැනෙනවා.
  • ඔබට ඔහු හෝ ඇය සමඟ ඔබේ අනාගතය හොඳින් පෙනෙනවා.
  • ඔබට අවංකවම ඔහු හෝ ඇය ඔබගේ ජීවිතයේ සිටීම ඉතාම වැදගත්.
  • ඔබ ඔහුට හෝ ඇයට ආදරය කරන්නේ ඔබගේ ආදරවන්තයාම විදියට නොමෙයි. පුද්ගලයෙකු වශයෙනුත් ඔබ ඔහුට හෝ ඇයට ගොඩාක් කැමතියි.
  • ඔබ දෙදෙනාගේම ආසාවන් හා අරමුණු බොහෝ වෙලාවට එක හා සමානයි.
  • ඔහු හෝ ඇය ඔබට නිතරම ඔබ නොදන්නා අළුත් දේවල් කියලා දෙනවා.
  • ඔහු හෝ ඇය නිතරම ඔබේ යහපත, ඔබ වෙනුවෙන් හොඳම දේ ප්‍රාර්ථනා කරනවා.
  • ඔබ මානසිකව වැටෙන සෑම මොහොතකම ඔහු හෝ ඇය ඔබව ඔසවා තබනවා.
  • ඔබට උදව්වක් අවශ්‍ය වෙන ඕනෑම වේලාවක ඔහු හෝ ඇය කවදාවත් මග හැරලා යන්නේ නෑ.

 

  • ඔහු හෝ ඇය නිතරම ඔබව අගය කරනවා. එහෙම කරන්න කියලා බල කරන්න ඔබට උවමනාවක් ඇති වන්නේ නෑ.
  • ඔබේ පවුලේ අයත් එක්ක ඔහු හෝ ඇය ඉතාමත් හොඳින් ආශ්‍රය කරනවා. හොඳට ගැලපෙනවා.
  • ඔහු හෝ ඇය ඔබට ලබා දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම රකිනවා.
  • ඔබේ යාළුවො ඔබ ඔහු හා ඇය සමඟ සිටිනවාට ගොඩාක් සතුටුයි.
  • ඔහුගේ හෝ ඇයගේ සමහර හිතුවක්කාර වැඩ ඔබේ මනසට ටිකක් වද දෙනවා තමයි. නමුත් ඒවා ඔබ දෙදෙනාගේ සම්බන්ධයට ගැටළුවක් නොවන බව ඔබට විශ්වාසයි.
  • ඔහු හෝ ඇය කවදාවත් ඔබව විවේචනය කරන විට නපුරු හිත රිදවන විවේචන කරන්නේ නෑ.
  • ඔබගේ බාහිර පෙනුම පිළිබඳව ඔහු හෝ ඇය කවදාවත් වැරදි කියන්නේ නැහැ.
  • ඔහු හෝ ඇය නිතරම දකින්නේ ඔබගේ ලස්සන විතරයි.
  • ඔබගේ දවස කොතරම් නරක දවසක් වුනත්, ඔබට ඔහු හෝ ඇය සමඟ ඒ පිළිබඳව කතා කරන්න පුළුවන් නේද කියලා මතක් වෙන කොටත් ඔබට දැනෙන්නේ පුදුමාකාර සැනසිල්ලක්.
  • ඔහු හෝ ඇය ඔබට පුදුමාකාර විදියට අවංකයි. ඔබත් ඒ විදියට අවංකව සිටියි කියලා ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙනවා.

how-to-find-a-true-love

ඔබ මේ ලිපිය කියවන විට යම් කෙනෙක් ගැන හිතනවාද අන්න ඒකත් හොඳ ලක්ෂණයක්

X

Pin It on Pinterest

X